චම්පික රැස්වීම් චෝදනා ප්‍රතික්ෂේප කරයි

champika

ඇඳරි නීතිය කඩකිරීම සම්බන්ධව තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ තමන් රැස්වීමක් නොපැවැත් වූ බවත් සහනාධාර වැඩපිළිවෙළ පිළිබඳව සිවු දෙනෙක් හා කථා කළ බවයි, අසරණ වී ඇති අයට උදව් කිරීමට තමන් කෙටි සාකච්ඡාවක් පැවැත්වූ බවයි ඔහු පවසන්නේ.

නමුත් සැබෑ ලෙසම සිදු වූයේ දිගින් දිගටම ඇඳිරි නීතිය පැණවීමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයට පත් වූ බවත්, ආධාර ලබා දීම පොහොට්ටු පක්ෂයේ පුද්ගලයින්ට පමනක් සිදුවූ බවත් වාර්තා වූ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඒ අනුව සියලු ජනතාවට සහන සැළසීමේ වැඩසටහනක් දියත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කල බවයි ඒ මහතා කියා සිටියේ.

ඒ අනුව ඒහා සම්බන්ධ සාකච්ඡාවක් සඳහා ප්‍රාදේශීය නියෝජිතයින් සිවු දෙනෙකු තම නිවසට පැමිණි බවත්, ඉතා සුළු වේලාවක් පැවති මෙම සාකඡ්ඡාව අවසන් වී පැමිණි පුද්ගලයින් පිටව යාමට සූදානම් වන අවස්ථාවේ පොලාස් නිලධාරීන් දෙදෙනෙකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු සිය නිවසට පැමිණි බවයි රණවක මහතා කියා සිටියේ.

මේ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මීට පෙර ප්‍රකාශ කර සිටියේය.

ඩලස් අලහප්පෙරුම සහ  කාංචන විජේසේකර ට විරෝධය

සෞඛ්‍ය බලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද සමාජ දුරස්ථ ක්‍රමවේදයන් නොතකා දේශපාලන රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඩලස් අලහපෙරුම සහ හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර යන මහත්වරුන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ කොට්ටාස සංවිධායකවරයෙක් වු කරුණා කොඩිතුවක්කු මහතාගේ නිවසේ දී මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

ඇඳිරි නීතිය පැනවූ කාලය තුළ දේශයේ මහජනයාට සහන සැලසීමේ සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන් වුවත්, කරුණා කොඩිතුවක්කු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කර තිබෙනු දැක ගන්නට ලැබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.