චීනයේ  වුහාන් ජනතාව වෛරසයට එරෙහිව දැඩි සටනක

දැනට කොටුවී කොරෝනා ආසාදන සමග සටන්වදින වුහාන් ජනතාව චිත්ත ධෛර්යයෙන් යුතුව එකිනෙකාට උදව් කර ගනිමින් මේ අසීරු අවස්ථාවේ තත්වය සමනය කර ගැනීමට උත්සාහ දරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මහල් නිවාස වල කොටු වී සිටින ජනතාව හස්ත සංඥා දක්වමින් “Wuhan jiayou”  හෙවත් ශක්තිමත් වන්න වුහාන් යයි ඝෝෂා නැගූ බව වාර්තාකරුවෝ පවසති. මේ ඔවුන්ගේ අලුත් අවුරුදු සමයයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වන සෙසු පළාත්වල ජනතාව දිරිමත් කරමින් කියා සිටින්නේ ඉතා ඉක්මනින් තත්ත්වය සමනය වන බවයි. මෙම ජනතාවට නොමිලේ මුහුණු ආවරණ ලබාදීමට දානපතීන්ද ඉදිරිපත් වී සිටිති. මේ වන විට වුහාන් පළාතේ සිය දෙනෙක් පමණ මියගොස් ඇත.

ජනතාවට ආහාර සැපීමට ස්වේච්ඡාවෙන් හෝටල් හිමියන් ඉදිරිපත්ව සිටිති. මේ වන විට චීනය හාර දහසක් පමණ ආසාදිතයින් හඳුනාගෙන ඇත. ප්‍රධාන ගැටලුව වී ඇත්තේ වෛරස ආසාදන පැතිරෙන වේගයයි.

ඇඳන් දහසක් සහිත රෝහලක් තවත් දින හයකින් වුහාන් පළාතේ ඉදි කොට හමාර කරන බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

Hong -Kong

මේ වන විට චීනය සහ Hong -Kong අතර දේශසීමාව වසා දමා ඇත. සියලුම ප්‍රවාහන කටයුතු අත්හිටුවන බවයි Hong -Kong පරිපාලනය පවසන්නේ.

ලෝක ව්‍යාප්තිය

රටවල් 16ක වෛරස ආසාදිතයන් මේ වනවිට සොයාගෙන ඇති බවයි කොරෝනා වෛරසය පිළිබඳ කරුණු දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව චීනයෙන් පිට ආසාදිතයින් පනස් දෙනෙක් පමණ වාර්තා වී ඇත. ඒත් චීනයෙන් පිට මරණ කිසිවක් පිළිබඳව දැනගන්නට නැත

  • තායිලන්තය: 14
  • ජපානය:06
  • ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, තායිවානය:05 බැගින්
  • මලයාසියාව දකුණු කොරියාව:04 බැගින්
  • ප්‍රංශය ශය:03
  • වියට්නාමය: 02
  • නේපාලය. කැනඩාව. කාම්බෝජය. ශ්‍රී ලංකාව. ජර්මනිය: 01

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.