චීනයේ ශ්‍රී ලාංකිකයින් කොරෝනා වෛරස් ආසාදනයෙන් සුරක්ෂිතයි – මනෝරි මල්ලිකාරච්චි

coronavirus

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් අනුව, ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 32 දෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගුවන් මගින් ගෙනයාම සඳහා වූහාන් නගරයේ ගුවන් තොටුපළේ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ගුවන් යානයක් ගොඩ බැස්සවීමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. චීනය පුරා විවිධ නගරයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 860 දෙනෙකු පමණ දැනට සිටින බවට ගණන් බලා ඇත.

නැගෙනහිර චීන තත්වය පිළිබඳව සොයා බැලීමට lankanewsline වෙබ් අඩවිය ෂැංහයි හි කොන්සල් ජනරාල් මනෝරි මල්ලිකාරච්චි මහත්මියට කතාකල අවස්ථාවේදී දැනගන්නට ලැබුණේ ශිෂ්‍ය කණ්ඩායම් අසූවක් පමණ ශ්‍රී ලංකාවේ තානාපති නිලධාරීන් සමඟ සම්බන්ධතා ගොඩනගාගෙන ඇති බවයි.

ෂැංහයි නගරය වෙසෙන සිසුන් තුන් දෙනෙක් සිටින බවත් ඔවුන් යළිත් ආපසු ශ්‍රී ලංකාවට නැද්ද පිළිබඳ තාමත් තීරණයක් ගෙන නැති බව ඇය පැවසුවාය. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන තොරතුරු හේතුවෙන් ජනතාව යම් කලබලයකට පත් වී සිටියත් ආණ්ඩුව විසින් සෞඛ්‍ය පහසුකම් මැනවින් ලබාදීමේ හේතුවෙන් තත්වය පාලනය වී ඇතැයි ඇය පැවසුවාය. පෙබරවාරි මාසය පමණ වෙනවිට තත්ත්වය සමනය වෙතැයි බොහෝ දෙනා අපේක්ෂා කරන බවයි ඇය පැවසුවේ.

ශ්‍රී ලාංකිකයින්ට ආසාදනය වී නැහැ

කොරෝනා වෛරසය කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට ආසාදනය වී ඇති බවට කිසිදු තොරතුරක් දූත මණ්ඩලය හා දූත කාර්යාලවලට ලැබී නොමැත.

ගුවන් ගාස්තුවෙන් 50%ක වට්ටමක්

බීජිං, ෂැං හයි සහ ගුවැන්ග්ෂු සඳහා සාමාන්‍යයෙන් මෙහෙයවන ගුවන් ගමන් සඳහා වූ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් ගාස්තුවෙන් 50%ක වට්ටමක් ලබා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

චීනයේ සිට‍ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට, 0094-777771979 ඔස්සේ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් නියමිත ගුවන් ගාස්තුවෙන් 50%ක වට්ටමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, ඔවුන්ගේ දෙමාපියන් හා ඥාතීන්ට අවශ්‍ය ඕනෑම සහනයක් සැලසීම සඳහා දූත මණ්ඩලය හා දූත කාර්යාල පැය 24 මුළුල්ලේම මෙහෙයුම් කටයුතුවල නිරතව සිටී.

0086-10-65321861/2 ඔස්සේ ක්ෂණික ඇමතුම් ලබා දීමෙන් දූත මණ්ඩලයෙන් තොරතුරු ලබා ගත හැක.

චීනයේ වෙසෙන ශ්‍රී ලාංකියන් සහ ඔවුන්ගේ ඥාතීන් පිළිබඳ විමසීම් කිරීම සඳහා පහත සඳහන් නිලධාරීන්, පහත සඳහන් අංක ඔස්සේ පැය 24 මුළුල්ලේම ඇමතිය හැක.

දුරකථන අංක

ඇලෙක්සි ගුණසේකර මහතා, අමාත්‍ය (වාණිජ), ජංගම දු.ක අංකය 0086 13070138025

බ්‍රිගේඩියර් කල්ප සංජීව මහතා, අමාත්‍ය උපදේශක (ආරක්ෂක), ජංගම දු.ක. අංකය 0086 13051733302

ඉනෝකා වීරසිංහ මහත්මිය, දෙවැනි ලේකම්, ජංගම දු.ක. අංකය 0086 15116905523

තිළිනි ගුණරත්න මහත්මිය, දෙවැනි ලේකම්, ජංගම දු.ක. අංකය 0086 131217 22296

ෂැං හයි, අන්හුයි, ෂිජිඈන්, ජියැංෂු හා හූනාන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා ෂැංහයි හි කොන්සල් ජනරාල් මනෝරි මල්ලිකාරච්චි මහත්මිය 0086 13472771702 ඔස්සේ ද විශේෂ කාර්ය භාර නිලධාරිනී ගීතා පෙරේරා මහත්මිය 0086 15900946639 ඔස්සේ ද ඇමතිය හැකිය.

ගුවැන්ෂු හි කොන්සල් ජනරාල් ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය 0086 18814134670 ඔස්සේ හෝ විශේෂ කාර්ය භාර නිලධාරිනී යූ.කේ.ජී. රෝෂිණී මහත්මිය 0086 13902301874 ඔස්සේ ඇමතීමෙන් ගුවැන්ග්ඩොන්, ෆියුජිඈන්, හයිනෑන්, ගුවැන්සි, ජියැංසි හි වෙසෙන ශ්‍රී ලාංකියන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.