චීන වරාය නගරයේ ඉදිකිරීම් නතර කරනවා නම් හොඳයි-පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම්

download (85)

 

කොළඹ වරාය මුල්කර ගනිමින් ඉදිකරන චීන වරාය නගරය ඉදිකිරීමේ කටයුතු නතර කරන්නැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ රවීන්ද්‍ර කාරියවසම්  ජනධිපතිවරයටත් අගමැතිවරයාටත් මතක් කර දෙයි.

පසුගිය දෙසැම්බර් 23 මීගමුව නගරයේ පැවති දැවැන්ත උද්ඝොෂණයෙන් පසුව එයට පිළිතුරු වශයෙන් තමා බලයට පැමිණි පසුව ජාතික ආරක්ෂාවට හා පරිසරයට දැඩි හානියක් වන චීන වරාය නගරය නවතා දමන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු විය.

වරාය නගරය ඉදිකිරීමෙන් අනතුරුව නගරයේ හෙක්ටයාර් 125ක අයිතිය ලංකා රජයටත්, හෙක්ටයාර් 20ක මූලික අයිතිය මෙම වරාය නගරය ඉදිකරනචීන කොමියුනිකේෂන් කන්ට‍්‍රක්ෂන් කම්පැනි ලිමිටඩ් ආයතනයට (CHEC) හිමිවන අතර  චීන වරාය නගරයේ, සුපිරි වෙළදසැල්, ජල කී‍්‍රඩාංගන, ගොල්ෆ් පිටි, හෝටල් සංකීර්ණ, සුපිරි නිවාස, ජලජ ධාවන පථ හා ගොඩබිම් ධාවන පථ (කාර් රේස් හා බෝට්ටු රේස් යාම සඳහා) කැසිනෝහල් හා තවත් බොහෝ දේ ඉදිකිරීමට නියමිත අතර මෙහි අදායමෙන් විශාල ප‍්‍රමාණයක් චීනයට ගලා යන බවත් කාරියවසම්  පෙන්වාදෙයි.

මුහුදු පරිසර පද්ධතියට සිදුවන හානිය

.ස්වභාවික පරිසරයට, කලපු පරිසර පද්ධතියට, කොරල් පරිසර පද්ධතියට මුහුදු පරිසර පද්ධතියට සිදුවන හානිය පිළිබඳ  තක්සේරු අධ්‍යයන වාර්තාවක් සිදු කළ යුතු අතර මෙහි දී එවන් නිසි අධ්‍යයනයක් සිදුකර නොමැත.

නිසි පරිසර තක්සේරුවක් නොකර කරන චීන වරාය නගර ව්‍යාපෘතිය නිසා දැවැන්ත හානියක් බටහිර වෙරළ තීරයට හා මුහුදු කලාපයටත් කළපු පරිසර පද්ධතියටත් සිදුවනු ඇත. විශේෂයෙන්ම ඉදි කිරීම් සිදුකිරීමේ දී වෙරළ තීරයෙන් හා ගැඹුරු මුහුදේ වැලි කියුබ්ක් මිලියන සියයක් පමණ ගතයුතු වේ. මෙලෙස විශාල වැලි තොගයක් ඇදීමේ දී වෙරළ තීරයේ ඛාදනය වඩා තීව‍්‍ර වන අතර පානදුර, අඟුලාන, ගල්කිස්ස, උස්වැටකෙයියාව, මීගමුව ඇතුළු බටහිර වෙරළ තීරයම මෙහි දී දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වේ.

images (54)

 

දියරැළිවල වෙනස්කම්

එමෙන්ම මීගමු මුහුදු තීරයේ මොරවල ප‍්‍රදේශයේ හා අනෙක් තදාසන්න ප‍්‍රදේශවල ඇති කොරල්පර විනාශයටත් කොරල් මුහුදුබාවන්ගේ විනාශයටත් මෙය දරුණු ලෙස බලපානු ලබයි. වැලි හෑරීම සහ නැවත මුහුද ගොඩකිරීම නිසා ඇතිවන දියරැළිවල වෙනස්කම් නිසා මීගමුව වෙරළ තීරයෙන් හෝ තදාසන්න ප‍්‍රදේශවලින් වෙරළ තීරය රට අභ්‍යන්තරය ඛාදනය වීමට බොහෝ සේ ඉඩ ඇත.

මුහුදු ජීවීන් හා ශාඛදැනට සමුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යයනයන් කරන විද්‍යාඥයන් පවසන්නේ ඉන්දියන් සාගරය ඇතුළු සාගර ප‍්‍රදේශවල මුහුදු ජීවීන් හා ශාඛ විශේෂ 32,000 පමණ වාර්තාවන බවයි.

වෙරළ බාධක පර ලෙස පිහිටා ඇති හෙක්ටයාර 956 ක්, ඩොල්පින් මසුන්, තල්මසුන් ඇතුළු හඳුනාගගත් හා නොගත් සමුද්‍ර සත්ව හා ශාක විශේෂවලටත් එම භූමිවලටත් දැවැන්ත හානියක් මෙම වරාය නගරය නිසා සිදු වේ.

 

Colombo-Port-project-

 

 

චීන ප්‍රතිචාරය

පොරොන්දු වු පරිදි රනිල් වික්‍රමසිංහ හට මේ ඉදිකිරීම නතර කල් හැකිද යන ප්‍රශ්නය දැන් මත්වී ඇත.චීනය උපක්‍රමිකව මෙය නතර කිරීමට ඉඩ දී සෙසු ආයෝජන රක ගැනීමට කටයුතු කිරීමට ඉඩ ඇති අතර අනෙක් අතට මේ පිළිබඳව දැඩි බලපෑමක් සිදු කොට තමන් අමනාප කර ගැනීම එතරම් ගුණදායක නොවන බව ඒත්තු ගැන්වීමටත් ඉඩ ඇත.මෙය නිසැකයෙන්ම  දුෂ්කර රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් වනු  ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.