චෞර – අශුද්ධ සන්ධානයක් – ජනාධිපති

Maithripala Sirisenaතමන් ගේ සම්මුතිවාදී සගයාට හිටු කියා පහරදීමට පටන් ගෙන ඇති ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ තමාගේ හෙට දවස ගැන නොසිතා දුෂණයට විරුද්ධවීමට සිදුවී තිබෙන බවයි.

දැන් ලැබෙන වාර්තා අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රතිශතය සියයට දහයක් පමණ විය හැකිය. මේ අනුව පෙබරවාරි දහ වෙනිදායින් පසුව තීරණාත්මක සාධකය වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධය විපක්ෂය ගනුදෙනු බේරා ගන්නා ආකාරයයි. ඒකාබද්ධය විපක්ෂයේ සහයෝගය යටින් ලබා ගන්නා එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් බිහිවීමට ඉඩ තිබේ.

එසේත් නැතිනම් හීලෑ කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් සමඟ එක්සත් ජාතික පක්ෂය ප්‍රබල භූමිකාවක් සහිතව මෙම ආණ්ඩුව දිගටම පවත්වා ගෙන යා හැකිය. කෙසේ වෙතත් අලියා සහ පොහොට්ටුව තමන්ගේ ප්‍රතිවාදියා බවට පත්වෙමින් සිටින බව ජනාධිපතිවරයා තේරුම් ගෙන තිබේ. දැන් ඔහුට හැරෙන්නට තැනක් නැත.

ඉදිරියේදී එන නඩුවලින් බේරීම සඳහා ප්‍රභූ-චෞර-අශුද්ධ සන්ධානයක් දේශපාලන බේදයෙන් තොරව බිහිවී ඇති බව ජනාධිපතිවරයා පවසයි.

සැලසුමක් නැහැ

බැඳුම්කර කොමිසමේ වාර්තාවත් බරපතළ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාවත් එකට ඉදිරිපත් කළේ සැලසුම්සහගතව නොවන බව කී ජනාධිපතිවරයා, අහඹු ලෙස ලැබුණු වාර්තා දෙකම එකවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව පවසයි. එය විස්වාස කරනවාද නැද්ද යන්න වෙනමම කරුණකි.

කෙසේ වෙතත් දැන් ඒ හෙළිදරව්ව අතිජාත සන්ධානයකට හේතු වී තමන්ට පාරාවළල්ලක් වෙමින් පවතින බව ජනාධිපතිවරයා වටහා ගනිමින් සිටී.

ඡන්දයට පෙර

වාර්තාව ඉල්ලා කෑ ගැසූ අය වාර්තා දෙකම ඡන්දයට පෙර පාර්ලිමේන්තුවේ දින දෙක තුනක් විවාද කළේ නම් ඒ පිළිබඳව රටට දැනගන්නට හැකිව තිබූ බව කී ජනාධිපතිවරයා දෙගොල්ලන්ම එකතු වී පොත වසා දැමූ බව කීවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.