ජනපතිට රටේ බලය – පාර්ලිමේන්තුව හමාරයි

gotabhaya

පාර්ලිමේන්තුව අද මධ්‍යම රාති‍්‍රයේ විසුරුවා හැරීමට නියමිතය. අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අත්සන් තැබීමෙන් පසු එය අද මධ්‍යම රාති‍්‍රියේදී නිකුත් කෙරේ.

අද මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කරන බව රජයේ ඉහළම ආරංචි මාර්ග තහවුරු කළේය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව අද මධ්‍යම රාති‍්‍ර 12 න් පසු වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවුරුදු හතර හමාර ඉක්මවීම හේතුවෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පවති.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 10 ක් තුළ මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවිය යුතුය. එතැන් සිට දින 17 ක් ඇතුළත මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සිදුවේ. පාර්ලිමේන්තුව විසුරුවා හැර සති 05 ත් 07 ත් අතර කාලය තුළදී මහ මැතිවරණය පැවැත්විය යුතු වේ. මහ මැතිවරණය ලබන අපේ‍්‍රල් මස 24 වනදාත් මැයි මස 04 වනදාත් අතර දිනක පැවැත්වීමටයි යෝජනා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.