
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (09) දහවල් කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. බාහිර රෝගී අංශය වෙත ගිය ජනාධිපතිතුමා රෝගීන් සමග සුහද කථා බහක නිරත වෙමින් තොරතුරු සොයා බැලීය. රෝගීන්ගෙන් තම ගම් ප්‍රදේශ පිළිබඳ විමසූ ජනාධිපතිතුමා දුර බැහැර සිට පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසීය. මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉක්මන් අවධානය යොමු විය යුතු ක්ෂේත්‍ර ගණනාවක තෝරාගෙන ඇති අතර සෞඛ්‍ය ඉන් ප්‍රධාන තැනක් ගනී.