ජනපති යාපනයේදී හරසරින් පිළිගැනේ

b4343502e24562f6ac613daaa0a0cfe5_L

ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව අද (03දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථම වතාවට යාපනයට පැමිණියේය. එහිදී උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ජනපතිවරයාව සුහදව පිළිගත්තේය.

යාපනය දිසාපති කාර්යාලයේ පැවති සංවර්ධන සම්බන්ධීකරණ රැස්වීමකට ජනාධිපතිවරයා සහභාගී වූ අතර දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුද ඊට සහභාගී වූහ.

උතුරු පළාත් ආණ්ඩුකාර එච්එම්ජීඑස් පළිහක්කාර සහ ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය නිලධාරීහු රැස්වීමට එක් වී සිටියහ.
මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ තමා ජාති ආගම් භේදයකින් තොරව සියල්ලන්ටම එකසේ සලකන බවත් උතුරේ ජනතාවගේ ගැටලු පිළිබදව මනා අවබෝධයක් ඇති බවත්ය. ඒ අනුව උතුරේ ජනතාවගේ සුබ සිද්ධිය සදහා ද කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

president receives warm welcome in jaffna

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.