ජනාධිපතිට දැනුනු භූමිකම්පාවක්

maithripala-sirisenaපසුගියදා කැබිනට් රැස්වීම පැවැත්වෙන අතරවාරයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන කඩිමුඩියේම නැගී සිටියේ තමන්ට භූමිකම්පාවක් වැනි යමක් දැනෙන බව කියමිනි. මේ පිළිබඳව කලබල වූ සෙසු කැබිනට් ඇමතිවරුද වහාම ආරක්ෂකයින් කැඳවූහ. පසුව කරුණු සොයා බැලූ ආරක්ෂකයින්ට දැන ගැනීමට ලැබුණේ චීන සමාගමකින් කෙරෙන පෝට් සිටි ව්‍යාපෘතියේ පොලොව යටට ලෝහ කණු දැමීම හේතුවෙන් පොලොවේ කම්පනයක් ඇතිවී තිබෙන බවයි. මේ පිළිබඳ දැනගත් පසු ජනාධිපතිතුමා කියා සිටියේ මේ පෝට් සිටි හැදුවට පස්සේ ජනාධිපති මන්දිරය ඒ විදිහටම තිබ්බොත් හොඳයි කියා යනුවෙනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.