ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර ඇත්තේ අදහස්වල වෙනස්වීමක් – අර්ජුන රණතුංග

arjuna ranatungaඇතැමුන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර විරසකයක් ඇති බවට පැවසුවත් එහි ඇත්තේ අදහස්වල යම් යම් වෙනස්වීමක් පමණක් බව කොළොන්නාව පුරාණ රජමහා විහාරයේ පෙරේදා (31) පැවැති ‘ගමේ පන්සල ගමට සවියක්’ ප්‍රජා සත්කාරක වැඩසටහනට එක්වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේය. .

තව දුරටත් අදහස් දක්වමින් “පසුගිය අවුරුදු දෙකේදී මේ රටේ ප්‍රධාන ප්‍රශ්නවලට පිළිතුරු සැපැයීමට අපට හැකි වුණා. ඉදිරි අවුරුදු දෙක තමයි අපේ රටේ වැදගත්ම අවුරුදු දෙක. ඉදිරි අවුරුදු දෙකේදී ද අප කළ යුතු ප්‍රධාන කාර්යයන් තිබෙනවා. මේ කාලයේ දී රටේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වී කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. ජනාධිපතිතුමයි අගමැතිතුමයි අතර විරසකයක් තිබෙනවා කියලා අද බොහෝ අය කිවුවත් ඇත්තටම ඒක රණ්ඩු වීමක් ‍නෙවෙයි. යම් යම් අදහස්වල වෙනස්වීමක් පමණයි. ගෙදර නෝනගෙයි මහත්තයාගෙයි අදහස් එක සමාන වෙන්නේ නෑනේ. ඒ වගේ තමයි මෙතැනත්. ප්‍රශ්න එනවා. ජනාධිපතිත් අගමැතිත් බුද්ධිමත් නායකයෝ දෙන්නෙක්. එතුමන්ලා ඒ ප්‍රශ්න බුද්ධිමත්ව විසඳා ගනීවි. මේ රටේ ජනතාව බලා‍පොරොත්තු වන්නෙත් එයයි.” යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.