ජනාධිපතිවරයා සරසවි සිසුන්ට දොර අරියි

uni

වෙනදා සරසවි සිසුන්ට ලැබෙන්නේ බැටන් පොලූ සහ ජල ප්‍රහාර සත්කාරය. මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් උද්ඝෝෂණයක යෙදුණු සරසවි සිසුන් හට මෙදා ගමනේ වෙනත් ප්‍රතිචාරයකි.

උද්ඝෝෂණය ගැන සැලවූ සැණින් ජනාධිපතිවරයා සිසුන්ට කිසිදු බාධාවකින් තොරව ජනාධිපති කාර්යාල අභියසට පැමිණිමට අවස්ථාව සලසන ලෙස සියලුම ආරක්ෂක අංශවලට උපදෙස් තුන් අතර මහා විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග වහාම කැඳවනු ලැබීය.

ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම්තුමා කාර්යාලයෙන් පිටත පෙර යොදාගත් රාජකාරී කටයුත්තක නිරතව සිටි හෙයින් ඔවුන් සමග සාකච්ඡා කිරිමට ඔවුන්ට අවස්ථාවක් නොවුනත් සාකච්ඡාව සාර්ථක විය.

නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල හිඟ මහපොළ සහ ශිෂ්‍යාධාර මුදල් ලබන සදුදා වන විට ගෙවීමට තීරණය කෙරිණ. දේශන සඳහා පැමිණීම දින 80% සම්පූර්ණ කර නැති සිසුන්ට මහපොළ ලබාදීම, ශිෂ්‍යාධාර සහ මහපොළ සම මට්ටමට ගෙන ඒම, සබරගමුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් පැණ නැගී ඇති ගැටලු, ශිෂ්‍යාධාර පිරිනැමීමේ දී සලකා බැලෙන දෙමාපිය ආදායම ලක්ෂ 07ක් දක්වා වැඩි කිරීම, වැඩකරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමයන යෝජනා සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදීම කෙරෙහි අවධානය යොමු විය.

සාකච්ඡාවට ගැනුණ කරුණු ලිඛිතව ලබාදීමට නිලධාරිහු එකඟ වූහ. මෑත කාලයේ සරසවි ශිෂ්‍ය උද්ඝෝෂණයක් සාමකාමීව හමාර වූ පළමු අවස්ථාව මෙයයි.

සරසවි සිසු කෙරුවාවත් හෙළිදරව් වේ
නවක වදයට මුහුණ දීමට සිදුවන බැවින් සිසුන් 2,000ක් පමණ වාර්ෂිකව විශ්ව විද්‍යාලවලට ඇතුළත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගියදා (9) පැවැසීය.

එය ඉතා නරක තත්ත්වයක් බව කී ජනාධිපතිවරයා එවැනි ක‍්‍රියාවලට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි යැයිද කීය. අරලියගහ මන්දිරයේ පසුගියදා (9) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුවට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.