ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ප්රජාතන්ත්ර විරෝධී
ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ එතුමාගේ ඇමැතිවරු එහාට මෙහාට පනින එක වළක්වන්න බව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ අවස්ථාවක සැසිවාරය අවසන් කිරීමට විධායක බලය පාවිච්චි කිරීම ප්රජාතන්ත්ර විරෝධී යැයි ද ඔහු පෙන්වාදෙයි.
පාර්ලිමේන්තුවට ලබන 19 වැනි දා විගණන පනත ගෙන ඒමට තිබු අවස්ථාව මග හැරී ගොස්ගේ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දෙයි.
සැසිවාරය අවසන් කිරීමත් සමඟ පොදු ව්‍යාපාර (කෝප්), රාජ්‍ය ගිණුම් (කෝපා) හා පාර්ලිමේන්තු කටුතු ඇතුළු කාරක සභා දහයක පමණ කටයුතු අහෝසි වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා පවසයි.
ආංශික අධික්ෂණ කමිටුව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව පමණක් අහෝසි නොවන බව ද නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.