ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට ඉල්ලා අස්වෙන්නට නියෝග කළ බව මාධ්‍යයට පවසා ඇතත් එය අමූලික බොරුවක් යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කියා සිටියේ පාස්කු බෝම්බ අලකලංචිය ගැන කරුණු දැක්වීමේ දී ය.
පොලිස්පතිවරයා වරද පටවන්නට තැත් කළ හෙයින් වගකීම භාරගෙන ඉල්ලා අස් වූ බවයි හේමසිරි ප්‍රනාන්දු පවසන්නේ.
‘අමූලික බොරුව’ යනු පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි වචනයක් බව මන්ත්‍රීවරයෙක් කියා සිටියේ ප්‍රකාශය සැර වැඩි නිසා ය. එහෙයින් අමූලික බොරුව අසත්‍යයක් යැයි කියන තැනට සැර බාල කරන ලදී.
ජනාධිපති සිරිසේන තමන්ගෙ ධූර කාලය තුළ ආරක්ෂක ලේකම් වරුන් 4 දෙනෙක් මාරු කොට මේ වන විට පස්වෙනියා වන ශාන්ත කෝට්ටේගොඩ පත්කොට ඇත. හේමසිරි ප්‍රනාන්දු ට අනුව ජනාධිපතිවරයා හා ඔහු අතර තිබී ඇත්තේ ඉතා දුරස්ථ සම්බන්ධයකි.
ඔහු ඉල්ලා අස්වන බව පැවසූ විට ජනාධිපතිවරයා ඉතා සතුටු වූ බවත් හේමසිරි කියා සිටියේය. ජනාධිපති වරයාට සමුදෙමින් කළ ඉල්ලීම ගැන කාරක සභාවට කියූ විට මතක් උනේ අපෙන් වියෝ වූ නිමල් මෙන්ඩිස් සංගීතවේදියාගේ ගීතයකි.
අනේ සර් මට අනුකම්පා කරන්න
මීළඟට එන අයට වත් මෙහෙම නොකරන්න.
අඩු තරමින් දවසට පැය බාගයක්වත් සවන් දෙන්න
අනේ සර් මට දැන් යන්න දෙන්න.