ජනාධිපති අපේක්ෂක ධුරයට දිනේෂ් ගුණවර්ධන

Dinesh Gunawardena

එළඹෙන ජනාධිපතිවරණයේ දී දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කිරීම වඩාත් තාර්කික විය හැකි බව පක්ෂය ඇතුළතින් රැල්ලක් නැගෙමින් පවතී. ගෝඨාභය රාජපක්ෂට ව්‍යාකූල තත්ත්වයන් රැසක් මතු විය හැකි බව අනෙක් අතට හුදෙක් එකතුකරගෙන ජයග්‍රහණය කළ නො හැකි බව ඇතැමුන් තර්ක කරති.

මේ වන විට මහින්ද රාජපක්ෂ ට වැඩි වාසියක් අත් වී ඇති හෙයින් ඔහුගේ ආශීර්වාදය ලබන ඕනෑම කෙනෙකුට ජයග්‍රහණය කරා ලඟා විය හැකි හැකි අතර ජනාධිපති තරඟයට පවුලෙන් පිට කෙනෙක් ඉදිරිපත් කිරීම වඩා වාසිදායක විය හැකි බවයි දිනේෂ් ගුණවර්ධනගේ නම යෝජනා කරන බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ.

1956 ජනතා ජයග්‍රහණයේ සහ ජනසතු ව්‍යාපාරයේ පෙරගමන්කරු ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මැතිඳුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කුසුමා ගුණවර්ධන මැතිණියගේ සුජාත පුත්‍රයා ලෙස දිනේෂ් ඉදිරිපත් කළ යුතු බව පක්ෂ ඇතුළත සාකච්ඡාවක් ආරම්භ වී ඇත.

දිනේෂ් ගුණවර්ධනට කාගේත් හොද දිය හිත දිනාගත හැකි වීම සහ දූෂණ චෝදනා නොමැති වීම වාසිදායක තත්වයක් බව පෙනෙන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.