ජනාධිපති ගමනෙන් මෝටර් රථ ප්‍රවාහන අල්ලස් මරුවෝ හෙළිදරව් වෙති

ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද වළයාකාර සූර්යග්‍රහණය නැරඹීමෙන් අනතුරුව තවත් ග්‍රහණයක් සිදු විය. ඒ රථ වාහන මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අල්ලස් මරුවන්ගේ ග්‍රහයා නීච වූ අවස්ථාවකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙර දැනුම්දීමකින් තොරව ඊයේ (26) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළ නිරීක්ෂණ චාරිකාවේදී දෙපාර්තමේන්තුවේ තරම හොඳින් හෙළිවිය.  අල්ලස් මගෝඩියෝ යහමින් ක්‍රියාත්මක වෙන බව ජනතාව ජනාධිපතිවරයාට කියා සිටියහ.

ජනතාව රස්තියාදු නොකර ඔවුන්ගේ කාලෙට වටිනාකමක් ලබා දෙමින් කාල රාමුවක් ඇතුළත තමන්ගේ සේවාව ඉටු කරන්නැයි ජනාධිපතිවරයා පැවසූ අතර මෙය සති දෙකකින් සිදු විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. කවුන්ටරයේ සිටි සේවකයෝ ඔව් සර් ඔව් සර් යයි කියමින් එකඟත්වය පළ කළහ.

මෙවැනි ස්ථාන අල්ලස් මරුවන්ගේ තිප්පොලක් වීමට ඉඩ දෙන ඉහළ බලධාරීන් සම්බන්ධයෙන් පියවර ගත්තේ නැතිනම් ජනාධිපතිවරයාගේ උත්සාහය අසාර්ථක වී ඇති බව එහි සිටි කීපදෙනෙක්ම කියා සිටියහ.

මේ වීඩියෝව බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.