
2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ රාජ්‍ය ආරක්ෂක ලේකම් වරයා ලෙස හිදිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කර මැදමුලන රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකලේ යයි චෝදනා එල්ල කරමින් පවරා ඇති නඩුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කරන ලදී.
ජනාධිපතිවරයාට විරුද්ධව සිවිල් හෝ අපරාධ නඩුවක් පවත්වාගෙන යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 35/1 වගන්තිය අනුව බලතල නොමැති වීම හේතුවෙන් මෙම නඩුවෙන් ජනාධිපතිවරයා නිදහස් කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරයාට එරෙහිව තිබූ විදේශ ගමන් තහනම ඉවත් කර ඇති අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය යළි මුදාහැරීමට නියෝග කර ඇත.
නඩුවේ ඉදිරි කටයුතු සලකා බැලීම ජනවාරි 9දා තෙක් කල් දමා තිබේ.