
සුළුජාතීන්ගේ වැදගත්කම අවධාරණය කෙරෙන ප්‍රකාශන සමාජ මාධ්‍ය ඔස්සේ විසිරෙමින් පවතී. සුළු ජාතීන් පන් ලක්ෂයක් පමණ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දී ඇතැයි ගණන් බලා තිබේ. උතුර හා නැගෙනහිර මුස්ලිම් ජන කොටස් වෙසෙන ප්රදේශවලදීත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සියයට 3.5 ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ජාතීන් වෙතින් ලැබී ඇත.
මෙම ඡන්ද ප්‍රතිශතය නොලැබුණා නම් ඔහුට ලැබෙන්නේ සීයට 48 පමණ වූ ප්රතිශතයකි. එසේ සිදු වුනා නම් ඔහුට දෙවෙනි ගණන් කිරීමට යාමට සිදුවෙන අතර එහිදී ප්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තිබුණි. සුළු ජාතීන් ගෙන් සඳ නොලැබීම සම්බන්ධයෙන් මැසිවිලි නැගීම සාධාරණ නොවන බව ආචාර්ය හරිනි අමරසුරිය විසින් පෙන්වා දී ඇත.
අනෙක් අතට වාර්ගික පදනමක් මත සුළු ජාතීන් ඡන්දය දුන්නේ යැයි ප්‍රකාශ කිරීම සාධාරණ නොවන බව කියා සිටින පිරිසක්ද සිටිති ඒ මන්දයත් සුළු ජාතීන් තමන්ගේ ජාතිකයින් වෙනුවට සිංහලයෙකු සිංහලයෙකු වන හරි ප්‍රේමදාස හට ඡන්දය දී ඇති බැවිනි.
ALM හිස්බුල්ලා සහ M K සිවාජිලිංගම් යන අපේක්ෂකයින් හට හිමි වූයේ ඉතා අඩු ඡන්ද සංඛ්‍යාවකි.