ජලනිගේ මල්ලෙන් තවත් බලලෙක් එලියට

jalani premadasa

පසුගියදා ජලනි ප්‍රේමදාස මහත්මිය සමන් සජිත් ප්‍රේමදාසගේ ආර්යාව ලෙස හැටන් ප්‍රදේශයේදී ජනහමුවකදී කතා කිරීම කෙසේ සිදුවීද යන්න ප්‍රශ්නයක් බව අනිද්දා පුවත්පත ප්‍රශ්න කරයි. මන්දයත් ජලනි ප්‍රේමදාස මහත්මිය සජිත් ප්‍රේමදාස ගේ අමාත්‍යාංශවල තනතුරු දරන්නේ නැත.

ඒ අනුව ජලනි ප්‍රේමදාස මහත්මිය රජයේ අරමුදලින් මැතිවරණ ප්‍රචාරක නිරතව සිටී. මේ අතරවාරයේ ලංකා සම සමාජ පක්ෂයෙන් වෙන්වී සිටින කණ්ඩායමේ චමීර පෙරේරා ද මේ රැස්වීම අමතා තිබේ. ඔහුද සජිත් ප්‍රේමදාස මැතිවරණ ප්‍රචාරනයේ යෙදී සිටින බවයි අනිද්දා පුවත්පත හෙළිදරව් කරන්නේ.

මේ අතර වාරයේ සජිත් ප්‍රේමදාසගේ අපේක්ෂකත්වය ප්‍රශ්න කරන අවස්ථා රැසක්ම පැන නැගී ඇත දෙමළ ජාතික සන්ධානය මෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ජාතික හෙළ උරුමය දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සජිත් ප්‍රේමදාසගේ අපේක්ෂකත්වයට සහයෝගය නොදෙන බවයි අනිද්දා පුවත්පත කියා සිටින්නේ.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව නිසි දැක්මක් නැති එම ඔහුට එරෙහිව ඉදිරිපත් කෙරෙන ප්‍රධාන චෝදනාවයි. කෙසේ වෙතත් මේ හැමදෙනාටම එක්සත් ජාතික පක්ෂයේ දැනට සිටින නායකයන් අතුරින් වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා සජිත් ප්‍රේමදාස බව පිළිගන්නට සිදු වී තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.