ජවිපෙ ජවයෙන් පෙරට….

anura-kumaraපළාත් මැතිවරණ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ ගම ගොඩනඟන දූෂණය පරදන ජවය වැඩසටහනට විශාල ජනතා ප්‍රතිචාර ලැබෙමින් පවතින බව පෙනිණි. පසුගිය දෙදින පැවැති තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී රාජ්‍ය අංශයේ විශාල දායකත්වයක් ජවිපෙට තිබෙන බව සනාථ වූයේ ජවිපෙ නායක මණ්ඩලයේ සියල්ලන්ට එක දිගට ලැබුණු දුරකතන පණිවුඩ හේතුවෙනි.

‘මන්ත්‍රිතුමා අපි අපේ යුතුකම ඉටුකළා’ යනුවෙන් කියැවෙන පණිවුඩ රැසක් නොකඩවාම ලැබිණි. එහි විශේෂත්වය වූයේ පොලිස් සේවාවේ සහ පොලිස් සහායක සේවාවේ නිලධාරීහු මෙවර ජවිපෙට ඡන්දය ප්‍රකාශ කිරීමය. හමුදා සේවාවන්හි නියුතු පිරිස්ද සිය ඡන්ද ජවිපෙට දෙන බව ප්‍රකාශ කළ අවස්ථාද පක්ෂයට වාර්තා වූ බව ජවිපෙ මූලස්ථානය වාර්තා කළේය. ජවිපෙ නායකයා පාර්ලිමේන්තුවේදී පොලිස් සේවාවේ ගැටලු රැසක් ස්ථාවර නියෝග 23/2 යටතේ ඉදිරිපත් කර තිබිණි.

ජවිපෙ ක්‍රියාකාරිත්වය දැඩි බලපෑමක් වී තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. ඔවුන් බිම් මට්ටමේ ජවිපෙ ක්‍රියාකාරීත්වය පිළිබඳව තැති ගැනීමෙන් සිටින බව සනාථ වූයේ හිටපු ජනපති මහින්දගේ ‘යහපාලන විපක්ෂයේ භූමිකාව’ නිවේදනයෙනි. ඊට පිළිතුරු දෙමින් ජවිපෙ නිවේදනයක් නිකුත් කර තිබිණි. එමඟින් ඔවුන් මතුකර තිබූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ 2005 ජනාධිපතිවරණයේදී ගිවිසුම් ගහද්දී ජවිපෙ අතීතය අමතක වුණාද?

ජනාධිපතිවරණයෙන් පසු ජවිපෙට ආණ්ඩුවට එකතුවන ලෙස ආයාචනා කළේ ඇයි?
තිස්සමහාරාමය අපි දෙවරක් ජයගත්තා. නිතරගයෙන් දුන්නා කීම බොරුවක්.

අනුර දිසානායක පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී මන්ත්‍රි ලැයිස්තුවේ අංක 1 වෙද්දී මහින්ද 184 වී තිබෙන්නේ ඇයි?
විපක්ෂයේ කාර්ය භාරය එයින් සනාථ නොවන්නේද යන කරුණුය.

පසුගිය 25 වැනිදා මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේ පැවැති රැලියට අති විශාල සංඛ්‍යාවක් එක්ව සිටි අතර රැලියේ කතා පවත්වා තිබුණේ ජවිපෙ නායක අනුර හැරෙන්නට ජිප්සීස් සුනිල් පෙරේරා, සංගීතවේදී නදීක ගුරුගේ, මහාචාර්ය හරිනි අමරසූරිය ආදීන්ය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.