ජවිපෙ හොට බිම ඇන ගනී

jvp

ආණ්ඩුවය එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 92ක්ද විරුද්ධව ඡන්ද 119ක්ද ලැබී තිබේ. එහිදී දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ලබා දී තිබිණි.

මන්ත්‍රීවරු 13 දෙනෙකු අද ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබුණේ නැත. ඒ අතර මහින්ද රාජපක්ෂ පිල සහ මෛත්‍රීපාල සිරිසේන පිල නියෝජනය කරන 12දෙනකු සිටින බව වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන තත්වය පිළිබඳව ඉතා අසංවේදී ලෙස කටයුතු කරමින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කොට ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංගයට පක්ෂව චන්දෙ දුන්න අය පවා ජනතා විමුක්ති පෙරමුණ දැඩි දෝෂ දර්ශනයට ලක් කළහ.

ඉක්මන් මැතිවරණයක් පවත්වා මේ තුළින් වැඩි පාර්ලිමේන්තු ආසන ගණනක් ලබා ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ උපක්‍රමය ලෙස පෙනුනත් දැන් සිදුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වීම පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.