ජාතික ඇඳුම අඳින හීන්දෑරි මන්ත්‍රී දිගන ගිනි තබයි – විමල්

wimal weerawansa

රාජපක්ෂවරුන් බලයට පත්වෙන හැම අවස්ථාවකදීම මුස්ලිම්වරුන්ට හිරිහැර සිදුවෙන බව පෙන්වීම සඳහා කලබල පැතිරවීට ඉඩ දුන් බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තෙල්දෙණිය ලේ වැකි සිද්ධිදාමයේ මහ මොළකරු ජාතික ඇඳුම අඳින හීන්දෑරි උස , කොළඹ දිස්‌ත්‍රික් ජාතික ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රීවරයෙක් බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී දිළුම් අමුණුගම ප්‍රචණ්ඩත්වය මතු විය හැකි බව නියෝජ්‍ය පොලිස්පතිට දැන්වුවත් නිසි පියවර නොගත් බව විමල් වීරවංශ පෙන්වා දුන්නේය.

ගිංතොට,අම්පාර ආදී සිදුවීම් පසුපසින් එක්සත් ජාතික පක්ෂයේ අනුබල ලබන කණ්ඩායම් සිටින බවයි වීරවංශ පැවසුවේ.

මෙතැන දේශපාලන කුමන්ත්‍රණයක් නැති බවත් මෙයින් පෙනී යන්නේ ආණ්ඩුවේ නොහැකියාව බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.