ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු අය එජාපය විනාශ කරනවා – රවී කරුණානායක

Ravi Karunanayakeජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඉහළ සිට කටයුතු මෙහෙයවන දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසනවා. ඊයේ (01) මෝදර කිඹුලා ඇල ප‍්‍රදේශයේ කී‍්‍රඩා සංගම් සඳහා කී‍්‍රඩා භාණ්ඩ ප‍්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් එ් මහතා මේ බව සඳහන් කළේය.

ජනපදනමක් නොමැති එම සුළුතරයක් විසින් පක්ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්සට හැර වීමට නොහැකි තරම් බරපතළ වී ඇති බවද මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේය. අද විට පක්ෂය තුළට න්‍යාත්මක දේශපාලනඥයින් ගණනාවක් පැමිණ ඇති බවත් ඔවුන් මහාචාර්යවරුන් මෙන් කටයුතු කිරීමට උත්සාහ කරමින් පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇති බවද මන්තී‍්‍රවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.