ජාතික සංහිදියා සතිය අර්ථවත් කරමින් මයිලිට්ටි හා ඌරණි යන ධීවර වරායන් මුල් පදිංචි කරුවන්ට

jaffnaදිනසේන රතුගමගේ
වසර විසි හයක් තිස්සේ අධි ආරක්ෂිත කලාපයක් වශයෙන් පැවති යාපනය අර්ධ ද්වීපයේ මයිලිට්ටි හා ඌරණි යන ධීවර වරායන් ජනවාරි 14 දා එහි මුල් පදිංචි කරුවන් වෙත බාරදීම උත්සවාකාරයෙන් සිදුවිණි.

යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මෙහිදී කියා සිටියේ රජය මගින් ජනවාරි 8 වෙනිදා සිට 15 වෙනිදා දක්වා කාලය ජාතික සංහිදියා සතිය වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබීම අර්ථවත් කරමින් මේ ධීවර වරායන් ජනතා අයිතියට පත් කළ බවයි.
මෙම ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයෙන් නිදහස් කොට සාමාන්‍ය ජනතාවට මසුන් මැරීමේ කටයුතු සදහාත්ලයළි පදිංචිවීම jaffna (1)පිණිසත් ලබාදෙන බවට වූ නිල නිවේදනය යාපනය පළාත බාර ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක විසින් ජනතාවට ඉදිරිපත් කළේය.

ඒ අනුව මයිලිට්ටි හා ඌරණි යන ධීවර වරායන් වල මසුන් මැරීමේ කටයුතු එහි වැසියන් විසින් අලංකාර ලෙස සරසන ලද ධීවර බෝට්ටු යොදාගෙන අද දිනයේම ආරම්භ කරණු ලැබීය.

වසර විසි හයකට පසුව තම ගම්මානය වෙත පැමිණි ගම්වැසියෝ කියා සිටියේ බොහෝ කාලයකට පසුව තම ගම්මානයට පැමිණීමට ලැබීම සතුටට කරුණක් වුවත් තම නිවෙස් හා ගස් කොළන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනු දක්නට ලැබීම දැඩි සංවේගයකට කරුණක් බවයි.

jaffna (6)තමන් ඉපදුනු ගම්බිම් යළි තමන්ට සිය දරුවන් සමග ජීවත් වීමට ලැබීම පිළිබදව රජයට ස්තූති කළ මයිලිට්ටි ගම්මානයේ වැසියෝ තමන්ගේ නිවාස ඉදි කරගැනීම පිණිසත් ධීවර කටයුතු සදහාත් රජයෙන් ආධාර උපකාර ලබාදෙනු ඇතැයි විශ්වාස කරණ බවද කියා සිටියහ.

මේ අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්ලනාවික හා යුද හමුදා ප්‍රධානීන්ද සහභාගි වූ අතර යළි පදිංචියට පැමිණි වැසියන් සදහා හිමිකම් පත්‍රද ඔවුන් අතින් පිරි නැමුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.