ඥානසාර හිමියන් හට නිදහස ?

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙකු වන ජනාධිපති නීතිඥ ජේ.සී වැලිඅමුණ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, ඥානසාර හිමියන් බන්ධනාගාරගත කරනු ලැබුවේ අධිකරණ කටයුතුවලට මැදිහත්වීම සහ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් බැවින් එහිමියන්ට සමාව ප්‍රදානය කරන්නේ නම් එය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන අතුල් පහරක් බවය.

එමෙන්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව ජනාධිපති සමාව සම්බන්ධයෙන් අධිකරණ විමර්ශනයක් පැවැත්විය හැකි බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය කියා සිටියේ ඥානසාර හිමිට සමා ප්‍රදාන නියෝගයක් තම දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවය.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.