ඥානසාර හිමි ‘බෝගම්බර ප්‍රකාශය‘ සමග පාර්ලිමේන්තු ගමනකට

gnanasara

රට ඉදිරියට ගමන් කළ යුතු දිශා නිතිය සඳහන් විශේෂ ප්‍රකාශයක්ද ‘ බෝගම්බර ප්‍රකාශය‘ නමින් එළිදක්වමින් ශ්‍රී ලංකාවේ පන්සල් දස දහසක් පමණ ඇති බවයි මෙයින් පන්සල් හත් දහසක් පමණ එක් කරගත හොත් සිංහලයින්ට පමණක් ආණ්ඩුවක් පිහිටවා ගත හැකි බව ඥානසාර හිමියන් ප්‍රකාශ කළහ.

දැවැන්ත ජන සමූහයක් මහා සංඝරත්නය සමඟින් මේ රැස්වීමට එක්ව සිටි අතර ඉදිරියේදී දේශපාලනය කරන හැම පක්ෂයකටම ඥානසාර හිමියන් නොතකා හරින්නට හැකියාවක් නැති බව පෙනෙන්නට පටන්ගෙන ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති
වෙනදාට වඩා මධ්‍යස්ථ ස්වරයකින් කරුණු ඉදිරිපත් කළ ඥානසාර හිමියන් කියා සිටියේ තමන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාරයෙන් නිදහස් වූවා යන්න මුසාවක් බවයි.

රාජ්‍ය පාලනය මගේ කටයුත්තක් නොවුනත් රට වැටී ඇති ආගාධය දෙස බලන විට තමන්ට නිෂ්ක්‍රීය විය නොහැකි බව ඥානසාර හිමියන් පැවසූහ. අවුරුදු 75 ට වැඩි සියලු දේශපාලනඥයින් දේශපාලනයෙන් සමුගත යුතු බවයි උන්වහන්සේ පවසන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.