ඥානසාර හිමියන්ට සමාවදීම අධිකරණයේදී අභියෝගයට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම අභියෝග කරන පෙත්සම් දෙකක් අධිකරණයට ඉදිරිපත්වී ඇත . එක් පෙත්සමක් ඉදිරිපත් කොට ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසිනි. අනෙක් පෙත්සමපෙත්සම අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ගෙනි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීතිඥ මොහාන් බණ්ඩාර කියා සිටින්නේ ඥානසාර හිමියන්ට සමාව ලබාදීම නිසා අධිකරණය හෑල්ලුවට ලක්වෙන බවයි. පුද්ගලයන් හට උසාවියට අපහාස කිරීම සඳහා දඬුවම් කරනු ලබන්නේ උසාවියේ ගරුත්වය හා ස්වාධීනත්වය රැක දීමට බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියා සිටි.

හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව බන්ධනාගාර ගත කරන ලද ඥානසාර හිමියන් හට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පසුගිය මැයි මාසයේ සමාව ලබා දෙන ලදී. ශ්‍රී ලංකාවේ නීතිවේදීන්ගේ සංගමය ද ජනාධිපතිවරයාගේ සමාවදීම විවේචනයට ලක්කොට ඇත.

සමහර ප්‍රදානය කිරීමේදී සමාව ලබා දුන්නේ කවර හේතුවක් මත ද යන්න පිළිබඳව ලියවිල්ලකින් හෙළිදරව් කළ යුතු නමුත් එවැන්නක් මේතාක් ප්‍රකාශයට පත් වී නැති බව නීතිවේදීහු පෙන්වාදෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.