ටෙලිකොම් සභාපති පත් කිරීම ගැන අවුලක්

ටෙලිකොම් ආයතනයේ ප්‍රකාශකයෙක් lankanewsline වෙබ් අඩවිය වෙත කියා සිටියේ රොහාන් ප්‍රනාන්දු නම් පුද්ගලයෙක් සභාපතිධූරයට පත් කොට ඇති බව ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වී ඇතත් එවැන්නක් තාමත් තනතුරේ වැඩ භාර ගෙන නැති බවයි.

මේ අතරවාරයේ මන්ත්‍රී සරත් අමුණුගමගේ බෑණා වන රොහාන් ප්‍රනාන්දු ටෙලිකොම් සභාපති ධුරයට පත් වීම පිළිබඳව විවේචනාත්මක අදහස් පළවෙමින් පවතී.

රොෂාන් ප්‍රනාන්දු ගේ බිරිඳ වන වරුණි අමුණුගම පවසන්නේ තම සැමියාට තේ වෙළෙඳාම පිළිබඳ අවුරුදු හතළිහක අත්දැකීමක් ඇති බවයි. එහෙත් ඔහුට විදුලි සංදේශන ක්ෂේත්‍රයකි අත්දැකීම පිළිබඳව යමක් දැනගන්නට නැතැයි විවේචකයෝ පවසති.

රජයේ ආයතන සඳහා සුදුසු පුද්ගලයින් නිර්දේශ කිරීමට කමිටුවක් පත්කර තිබියදී මෙවැනි පත්වීම් සිදු වන්නේ කෙසේදැයි විවේචකයෝ ප්‍රශ්න කරති.

මීට පෙර අවස්ථාවේදී එම කමිටුව කියා සිටියේ තමන් කරන්නේ නම් නිර්දේශ කිරීම පමණක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.