ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ඉන්දියාවට

කෝවිඩ් 19 වෛරසය ආසාදනවය වූවන් සිටි ජපානයේ යොකොහෝමාව වරායට ආසන්නයේදී නිරෝධානයට ලක්කර තිබූ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගුවන් මගින් ගෙන්වා ගෙන තිබේ.

මෙම නෞකාවේ ඉන්දීය ජාතිකයන් 119ක් සිටි අතර ඔවුන් ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉන්දියාව විසින් ජපානයට පිටත් කළ හැරිය.

එම ඉන්දිය ජාතිකයන් 119 දෙනාට අමතරව ශ්‍රී ලාංකිකයන් දෙදෙනා හා නේපාලය, දකුණු අප්‍රිකාව හා පේරු යන රටවලට අයත් තවත් තිදෙනෙකු මෙම ගුවන් යානය මගින් නවදිල්ලි නුවරට ගෙන එනු ලැබීය.

ජපානයේ ටෝකියෝ නුවර සිට ඔවුන් ඉන්දියාවට ගෙන්වා ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.