ඩීල් දේශපාලනය සරුයි – බල ගැටුමක පෙරනිමිති

නව වසරේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් “සිංහල රාවය” නැමති සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමි පවසා තිබුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුට සුපුරුදු ඩීල් දේශපාලනය තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටින බවය. එහිදී ඒ හිමියන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේ දේශපාලනයෙන් සමු ගන්නා ලෙසය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වැඩපිළිවෙළ සහ පාලක පක්ෂයේ සෙසු කොටස් අතර ක්‍රමානුකූල මතභේදයක් ඉස්මතුවෙන නමුත් කළමනාකරණය කර ගැනීමේ හැකියාව ජනාධිපතිවරයා සතුව ඇති බව පෙනෙන්නට ඇතැයි විචාරකයෝ පවසති.

මෙම දෙපාර්ශවයේ බල ගැටුම පිළිබඳව මතුපිට තලයට පැමිණි ප්‍රබලම නිදර්ශනය වූයේ, ස්වාධින රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානියා ලෙස පත්කරනු ලැබූ සුධර්මන් රදලියගොඩ වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුරින් ඉවත් කිරීමයි.

පසුගිය දෙසැම්බර් 27 වැනිදා සුධර්මන් රදලියගොඩ අදාළ තනතුරට පත් කළේ ය. ඒ පත් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවේචන එල්ල විය. සුදර්මන්ට එරෙහිව අබලි යකඩ ගනුදෙනුවක් සම්බන්ධයෙන් නඩුවක්ද පවරා තිබේ. මේ හේතුවෙන් ජනාධිපතිවරයා ගත් තීරණය ප්‍රශ්න කිරීමේ හැකියාවක් නොතිබිණි.

මාගල්කන්දේ සුදත්ත හිමි පවසා තිබුණේ. වත්මන් ආණ්ඩුව යටතේද අපරාධකරුවන් ආරක්ෂා කිරීම, අපාරධකරුවන් සමග ඩීල් දැමීම සරුවටම ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ පුද්ගලයන්ට සාධාරණය ඉටුවේවි යැයි හෝ එම සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වන රිෂාඩ් බදියුදීන්, රවූෆ් හකීම්, අසාද් සාලි, හිස්බුල්ලා වැනි දේශපාලනඥයන්ට දඬුවම් ලැබේවි යැයි හෝ බලාපොරොත්තු විය නොහැකි බවයි සිදත්ත හිමි අවධාරණය කළේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුට සුපුරුදු ඩීල් දේශපාලනය තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසූ ඒ හිමියන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලනයෙන් සමු ගන්නා ලෙසයි. “සිංහල රාවය” නැමති සංවිධානයත්, සුදත්ත හිමිත් වඩාත් සමීපව කටයුතු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.