ඩුබායිහි අත්අඩංගුවට පත් උදයංග ලංකාවට

පැවති ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන මිග් යානා ගනුදෙනුවේ සැකකරු ලෙස නම් කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඉරිදා (පෙබරවාරි 04) උදෑසන ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ලන්ඩන් හි සිට ක්‍රියාත්මක වන සිංහල මාධ්‍ය ජාලයක් මේ බව වාර්තා කරයි. කාලයක් ලංඩනයේ උදයංග ගේ දේපළ බලා කියා කියා ගත් අයෙක් මෙම මාධ්‍ය ආයතනයේ සේවය කරයි.

අධිකරණය මඟහැර සිටින ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර පොලිසිය වෙත මීට වසරකට පමණ පෙර වරෙන්තු නිකුත් කර තිබුණි. මේ අතර උදයංග වීරතුංගට අයත් දේපළ කිහිපයක් විකිණීම, උකස් කිරීම සහ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තහනම් නියෝගයක් නිකුත් කළේය.

රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා උදයංග වීරතුංග ප්‍රතික්ෂේප කරයි.

උදයංග වීරතුංග හිටපු ජනාධිපත්වරයාගේ පවුලේ ඥාතියෙකි. උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයේ නිලධාරීන් ඩුබායි වෙත යන බව පොලිසිය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.