තරාතිරම නොබලා ගුවන්යානා අල්ලස් මෝරුන් අල්ලන්න – ජනාධිපති

gotabhaya rajapaksha

ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු වු බව කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (02) අදාළ බලධාරින්ට නියෝග කිරීමත් සමග ආණ්ඩුවේ ඇතැම් පාර්ශව අවුලට පත් වී සිටියත් තරාතිරම හෝ පක්ෂපාතී බව නොසලකා කටයුතු කරන්නට නියෝග ලැබී ඇති හෙයින් කඩිනම් ක්‍රියාකාරීත්වයන් බලාපොරොත්තු විය හැකිය.

අදාල චෝදනාවට ලක්ව සිටින කාන්තාවගේ සැමියා රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතකු බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශ්වාසය දිනාගත් අයෙක් බවත් ප්‍රකටය.

ඔහු මීට පෙර මොබිටෙල් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කොට ඇත. දීර්ඝ කාලයක් තිස්සේ අක්‍රමිකතා පිළිබඳව විටින් විට වාර්තා වී ඇත. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම ඔහුට දේශපාලන ප්‍රශ්න වර්ණ ලැබී තිබිණ.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ‘ශ්‍රී ලන්කන්’ හි මෙන්ම වෙනත් රාජ්‍ය ආයතනයක ඉහල ම තනතුරු දැරූ මෙම පුද්ගලයා, පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 දා සිදුකළ කුමන්ත්‍රණයකින් අගමැති රනිල් වික්‍රමසිංහ පලවා හැර මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්වූ අවස්ථාවේදී ද ‘ශ්‍රී ලන්කන්’ ඉහල තනතුරකට පත්කළ අතර පසුව දින කිහිපයක් තුලදී ඉවත් කළේය.

මෙම අල්ලස් ගනුදෙනුවට අදාළ කාන්තාව රටින් පිටවී යෑමට ඉඩ ඇති එහෙයින් ඉක්මන් පියවර ගැනීම අවශ්‍ය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.