තානාපති කාර්යාල දේශපාලන පත්වීම් වලටයළි කැඳවීම

තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 30 දෙනකු ලබන වසරේ (2020) ශ‍්‍රී ලංකාවට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ.

ඔවුන් අතර රුසියාවේ තානාපති ලෙස කටයුතු කරන දයාන් ජයතිලක, ඔස්ටේ‍්‍රලියාවේ මහ කොමසාරිස් ජේ. සී. වැලිඅමුණ, ඔස්ටේ‍්‍රලියාවේ කොන්සල් ජෙනරාල් ලාල් වික‍්‍රමතුංග, ඉන්දියාවේ මහ කොමසාරිස් ඔස්ටින් ප‍්‍රනාන්දු, නෝර්වේ තානාපති අරුෂා කුරේ, ජපානයේ මහාචාර්ය ගංගානාත් දිසානායක යන මහත්ම මහත්මීන් යලි කැඳවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ තනතුරක් දරන ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ බෑණාට ද, ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලයක් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මියට ද ලබා දී ඇති අතර, ඔවුන් ද එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.