තාරකා ඉබ්බන්ට කැස්බෑවන්ට අපලයි

තාරකා ඉබ්බන් සියදෙනකු (100) අනවසරයෙන් අල්ලා ගත් සැකකරුවන් පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇත.

පල්ලම මැදවක්කුලම ප‍්‍රදේශයේදී නිවසක් වටලා අත්අඩංගුවට ගන්නා ලද විශාල ප‍්‍රමාණයේ පෙට්ටි තුනක් තුළ මෙසේ තාරකා ඉබ්බන් සියදෙනකු රඳවා තබාගෙන සිට ඇත.

විකුණන ඉබ්බන් එකකු රුපියල් 25000 සිට 50000 දක්වා මිලකට විදේශීය ගැනුම්කරුවකු විසින් මිලදී ගන්නා බවද පොලිසිය විසින් කරුණු අනාවරණය කරගනු ලැබ ඇත.

මන්නාරම් මුහුදේ මල්වතුඔය ප‍්‍රදේශයේ සිට වන්කාලේ, මන්නාරම, තලෙයි මන්නාරම, වෙඩිතලතිව්, පුනරීන් ප‍්‍රදේශය පමණ දක්වා දිගින් කිලෝමීටර් 140 කට වැඩි පෙදෙසක මුහුදේ ජාකොටු ධීවර කර්මාන්තය සිදුකරනු ලබයි. මේ තුළ සිදුකෙරෙන්නේ මසුන් වගා කිරීම හෝ මසුන් උගුල් දමා අල්ලා ගැනීමය. එනමුත් මෑතක පටන් නාවික හමුදා සිදුකළ සමුද්‍රීය මෙහෙයුමකදී හඳුනාගෙන ඇත්තේ මෙම (කොටුකරන ලද) ජාකොටු තුළ කැස්බෑවන් රැසක් සිරවී සිටින බවය. එසේ කොටුකර හෝ කොටු වී සිටි කැස්බෑවන් 32 ක් නාවික හමුදා කිමිදුම්කරුවන් යොදා ඉකුත් 24 වැනිදා මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර ජාකොටුවලින් මුදාගෙන යළිත් මුහුදට මුදාහරින්නට නාවික හමුදා ‘‘නීල හරිත සංග‍්‍රාමය’’ සෙබළුන් කටයුතු කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.