තේ ප්‍රතිඅපනයනය නතර කරනවා – ජනාධිපති

President Maithripala Sirisenaවිශේෂඥ කමිටුවක් හරහා විදේශ වෙළෙදාමට භාජනය වන මෙරට වැවිලි කර්මාන්තය ඇතුළු සියලු අංශවල නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වැවිලි ක්ෂේත්‍රය බරපතළ ගැටළු ගණනාවකට මුහුණ දී ඇති බවයි. මේ රටේ හටගෙන ඇති අර්බුද දෙස නව දැක්මකින්ද යුතුව කටයුතු කිරීම ආරම්භ කොට ඇති ජනාධිපති වරයාට පෙබරවාරි දහවෙනිදායින් පසුව තම දැක්ම ක්‍රියාත්මක කිරීමට ඉඩක් ලැබේදයන ප්‍රශ්නය මතුවෙන බව විචාරකයින්ක පෙන්වා දෙති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඇත්තේ ඇල්මැරුණු ස්වරූපයකි. ගම් මට්ටම්මේදී පොහොට්ටුව අතට අභියෝගයක් වී පවතී.

බාල තේ ආනයනය
තලවකැලේ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ තේ ප්‍රතිඅපනයනය නැවැත්වීමට පියවර ගත යුතු බවයි.

ඇතැම් ව්‍යාපාරිකයින් විදෙස් රටවලින් බාල තේ ආනයනය කර ඒවා මෙරට තේ සමඟ කලවම් කර යළි විදෙස් රටවලට අපනයනය කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය

මේ හේතුවෙන් මෙරට තේ සඳහා ලැබෙන මුදල නිසියාකාරයෙන් නොලැබෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.
මේ දැනුම මෙතෙක් කල් කොහි තිබුනේද යන් ප්‍රශ්නය මතුවෙන බවත්
ගැටළුව ඇත්තේ ප්‍රති අපනයනයේ නොව ප්‍රමිතියකින් යුතු තේ අපනයනය නොකිරීමේ බව ප්‍රධාන පෙළේ තේ අපනයනය කරුවන් පවසති. එහෙයින් ප්‍රති අපනයනය නතර කිරීම මුහුණ සමග තරහ වී නහය කපා ගැනීමක් බව ඔවුන් පෙන්වා දෙති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.