තෛපොංගල් – අස්වැන්නත් සමඟ ප්‍රමුදිත දයාවේ උළෙල

දමිල ජාතිකයන්ගේ උත්සවයක් ලෙසින් සැලකෙන තෛපොංගල් උත්සවයේ ආභාෂය සොලී ජාතිකයින්ගේ “පුතියිදුල්” උත්සවයේ කොටසක් ලෙසින් සැලකේ. සූර්යයා ධනු රාශියේ සිට මකර රාශිය දක්වා ගමන් කරන නිසා “මකර සංක්‍රාන්තිය” යනුවෙන්ද හැඳින්වේ.

සැලකෙන්නේ “භාසව” ගවයාය. දිනක් ශිව දෙවියන් විසින් මෙම භාසව අමතා පවරන ලද කාර්යය වූයේ පෘථිවියට ගොස් මිනිසුන්ට පණිවිඩයක් ලබා දෙන ලෙසයි. එම පණිවිඩය මෙසේය.

මිනිසුන්ට තෙල් සාත්තු කිරීම
දිනපතා ස්නානය
මසකට වරක් ආහාර ගැනීම
ඉහත පණිවිඩ භාසවට පැටලවීම නිසා පෘථිවි වැසියන්ට ලැබුනේ වැරදි පණිවිඩයකි. එයින් ලැබුන පණිවිඩය වූයේ

මසකට වරක් තෙල් සාත්තු කරන්න
මසකට වරක් කන්න
මසකට වරක් නාන්න
වැරදි පණිවිඩයට උරන වුන සක්දෙවියන් භාසවට සාප කළ නිසා මෙම ගවයා පෘථිවියටම වී මිනිසුන්ගේ බව බෝග කටයුතු වෙනුවෙන් ශ්‍රමය සපයමින් ජීවත් වූ බව එක් අදහසකි.

එමෙන්ම තෛපොංගල් උත්සවය ශිව සහ ක්‍රිස්ණ දෙවියන් මත ගොඩ නැගී ඇත. ක්‍රිස්ණ දෙවියන් බාල කාලයේදී ඉන්ද්‍ර දෙවියන්ට පාඩමක් ඉගැන්වීමට සිතා ගොපල්ලන්නට කියා සිටියේ ඉන්ද්‍රට වන්දනාමාන නොකළ යුතු බවයි.මේ ගැන කෝපයට පත් ඉන්ද්‍ර දෙවියන් දින තුනක් පුරා වලාකුලු සහ අකුණු ඉදිරියට එවීමට පටන් ගත් අතර ක්‍රිෂ්ණ දෙවියන් “ගොවර්දාන්” කන්ද ඔසවා මෙම අකුණු බලය මැඩපවත්වන ලදී.තෛපොංගල් උත්සවයේ එක් එක් දිනයන් වෙනුවෙන් විශේෂිත උත්සව ඇත.

බෝගි පොංගල්

පවුලට වෙන් වුන උත්සවය.

සූර්ය පොංගල්
හිරු දෙවියන්ට නමස්කාර කිරීම මෙහිදි සිදු වේ. අඹ පත්‍රවලින් සැරසිලි ඉදි කරන අතර හොදින් හිරැ එලිය වැටෙන ස්තානයක කිරි ඉතිරවීමට සැලසුම් කරනු ලැබේ.එම ස්ථානය ගොම පිරිමැඩ පිරිසිදු කර කොඩි වැල් එල්ලා අලංකාර කරනු ලැබේ. කෝලම් සැරසිලි හාල් පිටියෙන් සකස් කරන ලද අතර අලුත් මුට්ටියක කිරි උතුරවා එයට හකුරු මිශ්‍ර කර දෙවියන් පුදනු ලැබේ.දේවාලවලත් කිරි ඉතිරවීම සිදු වේ.

මාට්ටු ‍පොංගල්

මෙය උත්සවයේ තුන්වැනි දිනයයි. එම දිනය ගවයාට වෙන් කර ඇත. හිරු බසින්න ආසන්නයේදී ගව සහ එලු මඩු පිරිසිදු කර ගවයන් නාවා සුවඳ ගල්වා මල්දම්වලින් සරසා අලංකාර කරනු ලැබේ.අලුත් සහල් මුට්ටියකට අලුත් අස්වැන්නෙන් සහල් දමා එයට හකුරු , සීනි, එළගිතෙල්, වියලි මිදි එක් කරයි.කිරි උතුරන විට රැස්ව සිටින පිරිස විසින් “පොංගල්” , “පොංගල්” කියනු ලැබේ. හක්ගෙඩිය පිඹ ආශිර්වාද කරන අතර පිසින ලද බත සියලු දෙනාම එක්ව අනුභව කරති. පොංගල් බතට අමතරව මුරුක්කු, වඩේ, පායාසම් ආදිය පිලියෙල කරනු ලැබේ.

තානුම්

උත්සවයේ හතරවැනි දිනය “තානුම්” යනුවෙන් හැදින්වේ. බත් සහ හත්මාලුවක් පිස කපුටන් සිටින ස්තානයන්හි විසුරුවා හරින අතර එහිදී ගායනා කරන දෙමළ ජනකවිද වේ.

“කාක්කා පොඩි වෛන්තේන්
කානුම් පොඩි වෛන්තේන් ”

තේරුම :

“කපුටන්ට බත් පිඩක්…හොදට අනපු බත් පිඩක්
නුඹේ කූඩු විසිර ගියත්….මගෙ කූඩුව විසිර නොයන් ”

තමිල්නාඩු වැසියන් මෙම උත්සවය “පොංගොල්” නමින් හැදින්වුවත් බෙංගාල, කේරළ, බිහාර, කර්නාටක . ඔරිස්සා, මහාරාෂ්ට සහ මනිපුර් වැසියන් මෙය “මකර සංක්‍රාන්තිය” යනුවෙන් හ ුන්වනු ලැබේ. ගුජරාටි සහ රාජස්ථාන වැසියන් “උත්තරායන” නමින්ද, හිමාචාල් සහ පන්ජාබ් ජාතිකයන් “ලොහ්රි” යනුවෙන්ද මෙම උත්සවය හඳුන්වනු ලැබේ.දෙමළ ජාතිකයන්ගේ කැලැන්ඩරයට අනුව “තායි” යනුවෙන් හදුන්වන්නේ දහවැනි මාසයයි. “පොංගොල්” යනු උත්සවයයි. තවත් අදහසකට අනුව මෙම උත්සවයේ අර්ථය රත්වීම සහ ඉතිරවීම යන සිදුවීම් මුල් කර ගෙන ඇති බවයි. සූර්යාගේ දිවා රාත්‍රි කාලයන් එක සමාන වෙන මෙම කාලසීමාවේදී සූර්යයා උතුරු දෙසට ගමන්කරන නිසා “උත්තරායන කාලය” ලෙසින් හදුන්වයි.

තමිල්නාඩු ජනතාවගේ සංකල්පයන්ට අනුව තෛපොංගල් උත්සවය යනු පවුල නැවත එක්වෙන දිනයයි. තමන්ගේ විවාහපත් සහෝදරියන්ට සුබපැතීමට ඔවුන් අමතක නොකරති.පාලකයන් තමන්ගේ සේවකයන්ට තෑගි බෝග පිරිනමති. යුතුකම් ඉටුකරමින් තෘප්තිමත් වෙන නිසා තෛපොංගොල් යනුවෙනුත් ව්‍යවහාර වේ.

තානුම්පොංගල් උත්සවයේදී නෑ හිත මිතුරන් අතර තෑගි බෝග හුවමාරු කර ගෙන සතුටට පත් වෙන අතර “කෝලම්” රටාවලින් නිවස අලංකාර කරනු ලැබේ. උක්දඬු හපමින් විනෝද වෙන අතර අස්වනු නෙලා ගැනීමට සහ කෘෂිකර්මාන්තයට සම්බන්ධ යුතුකම් ඉටු කිරීමට මෙම උත්සවය සම්බන්ධ කර ගෙන ඇත.

ආන්ද්‍රා ප්‍රදේශයේදී “මුක්කනුවා” යනුවෙන් හැදින්වෙන්නේ සංක්‍රාන්ති කාලය හෙවත් අවසාන දිනයයි. මෙදිනට ගවයා අලංකාර ලෙස සරසනු ලැබේ. අපේ ජීවිතයට රිද්මය ලබා දෙන්නේ සූර්යාය. ලෝකය එලිය කිරීම, ගහ කොළ සතා සිවුපාවුන්ගේ පැවැත්මට දිවා රාත්‍රිය සපයන සුර්යාට කෘතවේදිත්වය සැපයීම තෛපොංගල් උත්සවයේ අරමුණයි.කෘෂි අර්ථ ක්‍රමයක් මත යැපෙන ජනතාව වෙනුවෙන් ගවයාගෙන් ලැබෙන සහයෝගය සුලුපටු නැත. ඉන්දියාවේ මහාකවි නන්දියාර් සදහන් කරන අන්දමට මෙම උත්සවය රැකියාවට වන්දනා කිරීමකි.

ජන සාහිත්‍ය පෝෂණයටත් මෙම උත්සවයෙන් ලැබෙන පිටුවහල අගය කළ යුතුය.ගායනීය පද්‍යන් සමග සිදු කරනු ලබන සැරසිලි මගින් ගොඩ නැගෙන සෞන්දර්යාත්මක රස පෝෂණය ද්‍රවිඩ සංස්කෘතියට බද්ධව ඇත. මානසික ලෙසින් ඔවුන්ට ලැබෙන්නේ අලුත් බවකි.-පුන්‍යා චාන්දනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.