දඩ කෑ හමුදා නිලධාරියා මේජර් ජෙනරාල්වරු අතරේ

ශ්‍රී ලංකාවේ හැත්තෑ වැනි නිදහස් දිනය දා ලන්ඩනයේ විරෝධතාවක් පැවැත්වූ දෙමළ උද්ඝෝෂකයන්ට මරණ තර්ජනයක් කිරීම නිසා එරට මහේස්ත්‍රාත් අධිකරනයෙන් දඩුවම් කරනු ලැබු යුද හමුදා නිලධාරියකුට ජනාධිපතිවරයා විසින් උසස් වීමක් ලබා දී තිබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් බ්‍රිගේඩියර් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු මේජර් ජෙනරාල් ධුරයට උසස් කළ බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.

“11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපතිගේ නිර්දේශය මත” ජනාධිපතිවරයා විසින් යුද්ධ හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකුගේ නිල උසස් කළ බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වැඩි දුරටත් සදහන් කරයි.

වර්තමාන පාලනය යටතේ මාස හයක කාලයක් තුළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ට ඉහල පදවියක් ලබා දුන් තෙවැනි අවස්ථාව මෙයයි. මෙවර ඔහු උසස් වීම් ලැබ ඇත්තේ හමුදා නිලයේය.

පසුගිය දෙසැම්බරයේ දී ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉඩම්, දේපළ සහ භට නිවාස ඒකකයේ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබු අතර 2020 මාර්තු මස 04 වැනි දින පුත්තලම, සිංහවිල්ලුවත්ත හි ස්ථාපිත 58 වන සේනාංකයේ 15 වන සේනාංකාධිපති ලෙස වැඩ භාර ගෙන තිබුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.