දමයන්ති ඔබ කොහිද?

damayanthi

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සමන් දිසානායක ඇතුළු හත් දෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා ප්‍රකාශ කොට ඇතත් එය හත් දෙනා අතරේ සිටින ආරක්ෂක අමාත්‍යාංශය අතිරේකය අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය තාමත් හොයාගත නොහැකි වි ඇත. ඇය විදේශගත වී ඇති බව මීට පෙර කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේය.

දූෂණ චෝදනා එල්ල වූ සැනින් වජිර අබේවර්ධන අමාත්‍යවරයා ඇගේ වැඩ තහනම් කළා නම් ඇයට මෙසේ රටින් පිට වීමට අවස්ථාවක් නොලැබෙන බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මේ තරම් කලක් ගතවීත් දමයන්ති ජයරත්න සොයාගත නොහැකි වීම ගැටළුවක් බවයි පෙනෙන්නට තිබෙන්නේ.

බරපතල දූෂණ චෝදනා එල්ල වී තිබියදී ස්වදේශීය කටයුතු හා රාජ්‍ය පරිපාලන පත්වීමක් දමයන්ති ජයරත්න මහත්මිය ලැබුණේ කෙසේද යන්න අදටත් ප්‍රහේලිකාවකි.  ඇවන්ගාඩ් සභාපති නිස්සංක සේනාධිපති ද විදේශ ගතව සිටී.

අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත්තේ 2012 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ ඇවන්ගාර්ඩ් පුද්ගලික සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් ගෝඨාභය රාජපක්ෂ සහ දමයන්ති ජයරත්නඇතුළු විත්තිකරුවන් රජයට රුපියල් බිලියන 11.4 කට වැඩි පාඩුවක් සිදු කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.