දයා මාස්ටර්ට ගුටි

daya-masterකොටි සංවිධනයේ හිටපු ප්‍රකාශයෙකු වූ දයා මාස්ටර්ට ප්‍රහාරයක් එල්ල වී තිබේ. දයා මාස්ටර් යාපනයේ සිට විකාශය කෙරෙන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි යාපනය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කුමන හේතුවක් මත මෙම පහරදීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවට පරික්ෂණ සිදුකරන පොලීසිය සදහන් කළේය. අදාළ පහර දීම සිදුවන අවස්ථාව අසල තිබූ CCTV කැමරාවල සටහන්ව තිබිණි.

කෙසේ වෙතත් අදාල පහරදීමෙන් දයා මාස්ටර්ට සැලකිය යුතු හානියක් හෝ තුවාලයක් සිදුව නැත්තේ සැකකරුගේ පහරදීම්වලින් බේරුනු නිසා බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.