දැඩි රැකවල් මැද 9දා තෙක් පූජිත සහ හේමසිරි රිමාන්ඩ්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජූලි 9වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (03) නියෝග කළාය. එදිනයට සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම්දුන්නාය.

දැඩි පොලිස් ආරක්ෂාවක්

රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබ සිටින හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ප්‍රතිකාර ලබන පොලිස් රෝහල් වාට්ටුවට සහ කොළඹ ජාතික රෝහලේ වාට්ටුවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය පවසයි.

ජේලර්වරුන් දෙදෙනකු යටතේ අවි සහිත නිලධාරීන් සිව්දෙනකු (02 ) සිට මෙම සැකකරුන්ගේ ආරක්ෂාවට යොදවා ඇතැයි රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.

පවුලේ ඥාතීන්ට හා නීතීඥ මහත්වරුන්ට හැර වෙනත් කිසිවකුටත් මොවුන් දෙදෙනා හමුවීට අවසර ලබා දී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.