දැන් ඩ්‍රෝන යවන්න පුළුවන්

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ක්‍රියාත්මක කර තිබූ ඩ්‍රෝන යානා තහනම ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. අනවසරයෙන් ඩ්‍රෝන යානා ගුවනට යැවුවහොත් ඊට වෙඩි තබන බව ගුවන් හමුදාව මීට පෙර ප්‍රකාශ කොට තිබුණි.

ඩ්‍රෝන යානා වලට මුල් වී ඇත්තේ නියමුවන් රහිතව අහසට යවන ගුවන්යානා තාක්ෂණයයි. ගුරුත්වාකර්ෂණය ජයගැනීම සඳහා , ගුරුත්වාකර්ෂණය මඟින් පහළට ඇති කරන බලයට විරුද්ධ ව අවම වශයෙන් දෙගුණයකට ආසන්න බලයක් මෙහි තටු මඟින් නිෂ්පාදනය කිරිම හරහා, මේ යානය ඉහළ නැංවීම සිදුවේ. මේ තෙරපුම එක මෝටර් ac හෝ මෝටර් කීපයක් ක්‍රියාත්මක කිරීමෙන් ලබාදෙයි.

යානයේ තටු දෙකක් දක්ෂිණාවර්ත ව (clockwise) ක්‍රියාත්මක වන අතර, තවත් තටු දෙකක් වාමාවර්ත ව (anti clockwise) ක්‍රියාත්මක වේ.

අභියෝග

බොහෝමයක් රටවල ඩ්‍රෝන යානා භාවිතයෙන් අධිආරක්ෂිත කලාප වැනි පොදු ජනතාවට විවෘත නොවන ප‍්‍රදේශ ඡයාරූපගත කිරිම්, යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට අභියෝග කරමින් ඔවුන්ගේ තොරතුරු රැස්කිරීමට ඡායාරූප ගැනීමට මේ තාක්ෂණය යොදා ගැනීම් වගේ ම, මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය සඳහා ඇති ආරක්ෂක ක‍්‍රමවේද අබිබවා යමින් මේ අයුරින් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය පවා සිදුවේ. මේ සිදුවීම් නැවැත්වීම සඳහා විශේෂ උපකරණ භාවිතා භාවිතා වේ

ඩ්‍රෝන භාවිතයට නීති රීති

ඩ්‍රෝන මගින් කැමරාකරණයේ යෙදීමේදී අනිවාර්ය වශයෙන් පිළිපැදිය යුතු නීති රීති මෙන්ම ආරක්ෂා කළ යුතු ආචාර ධර්ම රැසක් ඇති බව පෙන්වා දුන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට මාස කීපයකට පෙර කියා සිටියේ වත්මන් භාවිතය තුළ මෙම රෙගුලාසි හෝ ආචාර ධර්ම පිළිපැදීම සම්බන්ධයෙන් වන වෘත්තීය හා පුරවැසි වගකීම හා අවධානය මෙහිදී ගිළිහී ගොස් ඇති බව පෙන්වාදුන් අතර ඒ පිළිබඳව වැඩමුළුවක් ද පැවැත්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.