ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය භාරගන්නේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ආර්ථික අර්බුදයකට අවස්ථාවක බව අල් ජසීරා පුවත් සේවාව කියා සිටි. වසර පහළොවකට පසු ශ්‍රී ලංකාව මෙවැනි තත්වයකට මුහුණ දුන් ප්‍රථම අවස්ථාව බවයි අල් ජසීරා පවසන්නේ.
අගය එකතු කළ බදු 50 %කින් කපා හැරීමටත් වඩාත් සරල බදු ක්‍රමයක් ඇති කිරීමටත් නව ජනාධිපතිවරයා තම මැතිවරණ ව්‍යාපාරය තුළ පොරොන්දු විය. නව භාණ්ඩාගාර ලේකම් වරයෙක් පත් කිරීමට නියමිත අතර මේ සඳහා ආචාර්ය එස් ආර් ආටිගල ගේ නම යෝජනා වී ඇත. පසුගිය දින 52ක කාලය තුළ අග්‍රාමාත්‍යවරයා මාරුව අවස්ථාවේදී භාණ්ඩාගාර ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය ආචාර්ය ආටිගලයි.
ශ්‍රී ලංකාවේ ණයවලින් හතර එකක්ම ගෙවීමට ඇත්තේ චීනයටයි. ශ්‍රී ලංකාවේ මුළු ණය බර ඩොලර් බිලියන 35 ක් පමණ වේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ හතරකට ආසන්නය.
අනෙක් අතට නව ආණ්ඩුවක් පත්වීමත් සමගම ආර්ථිකය තුළ උත්තේජන ඇතිවීමේ දිවක් ඇති බවක් විචාරකයෝ පෙන්වා දෙති.