දැවැන්ත එයාබස් අල්ලස් මගඩියට ශ්‍රී ලංකන් ගුවන් සේවා විධායක බිරිඳ පෙරමුණේ

Colombo Airport

ප්‍රංශයේ එයාබස් සමාගම තමන්ට වාසිදායක ගනුදෙනු ලබා ගැනීම සඳහා ලොව පුරා ඒජන්තයින් ගේ මාර්ගයෙන් අල්ලස් බෙදා හැර ඇති බව වාර්තා වේ. මේ රටවල් අතර ශ්‍රී ලංකාවේ නියෝජිතයින්ද සිටී.

ලන්ඩනයේ අධිකරණ තීන්දුවක් මගින් ඩොලර් බිලියන 4ක මුදලක් ගෙවා ගැටළුව නිරාකරණය කර ගැනීමට ප්‍රංශයේ එයාබස් සමාගම එකඟ වී ඇත. මේ අනුව රටවල්ආ ගණනාවකම මේ අල්ලස ගැන හොයා බැලීම නතර වනු ඇත.

බ්‍රිතාන්‍යයේ දරුණු මූල්‍ය අපරාධ ගැන හොයා බලන අංශය දැනට තම විමර්ශන කටයුතු නතර කර ඇත.ශ්‍රී ලංකාවට අමතරව මලයාසියාව ඉන්දුනීසියාව තායිවානය සහ ඝානාව යන රටවල් වල 2011-2015 කාලය අතරතුර මෙම අල්ලස් ගැනීම් සිදු කොට ඇත.

තමන්ගෙ බාහිර උපදේශකයින් පිළිබඳව එකිනෙකට නොසැසඳෙන තොරතුරු එයාර්බස් සමාගම මගින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම විමර්ශන ආරම්භ විය. ශ්‍රී ලංකාවේ ගුවන් සමාගමේ විධායක නිලධාරියගේ බිරිඳ ගිය සමාගමට ඩොලර් බිලියන 2ක මුදලක් ගෙවා

බ්‍රිතාන්‍ය අපනයන ණය කාර්යාංශයට ව්‍යාජ තොරතුරු සැපයීමට කටයුතු කොට ඇති බව හෙළිදරව් වී ඇත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙන පරිදි වසර හතරක් තිස්සේ එම විමර්ශන සිදු කොට ඇත. විමර්ශන සිදු කොට ඇත්තේ ය ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයේ මූල්‍ය විමර්ශකයින් ය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියකුගේ බිරිඳට හිමි බෘෘනායි රටේ ලියාපදිංචිය සමාගමකට ඇමරිකානු ඩොලර් මිලියන 16.84 ක් ගෙවීමට එයාර්බස් සමාගම පොරොන්දු වී සිටි බව විමර්ශන කල් දැමීමේ වාර්තාවේ සඳහන්ය

ශ්‍රී ලංකාවට සිදුව ඇති පාඩුව

මේ නිසා ශ්‍රී ලංකාවට සිදුව ඇති පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 116 ක් ඉක්මවා යන බව transparency international (Srilanka) විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර පවසයි.

මෙම ගනුදෙනු හේතුවෙන් අතාර්කික ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කොට ඇත. එම ගනුදෙනු නිසා බරපතල පාඩු සිදු කළ අයට එරෙහිව වහාම පියවර ගත යුතු බවයි අශෝක ඔබේසේකර පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.