පොදු ජන එක්සත් පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිනේෂ් ගුණවර්ධන නම් නොකරන්නේ මන්දැයි සුප්රකට දේශපාලන විචාරක දයාන් ජයතිලක කළ ප්රශ්න කිරීමෙන් අනතුරුව පොදුජන එක්සත් පෙරමුණ තුළ ගැඹුරු කතිකාවතක් ඇතිවී තිබේ.
බලපෑම් සහගත දේශපාලන විචාරකයෙක් වන දයාන් ජයතිලක දැනට පොදුජන එක්සත් පෙරමුණ මුහුණපා සිටින බලවත් අර්බුදයෙන් ගොඩ ඒමට මගක් පෙන්වා ඇතැයි බැසිල් රාජපක්ෂට සමීප කොටස් කියා සිටිති.
දයාන් ජයතිලක දිනේෂ් ගුණවර්ධන සාධකය පෙරට ගෙන එන්නේ ශ්රී ලංකාවේ ක්රිකට් පිල මූණ දෙන අර්බුදය මතක් කරමිනි. ආනා පුංචිහේවා ඩේව් වට්මෝ ජයග්රහණ සුසංයෝගය විසුරුවා හැරීම ලංකාවේ ක්රිකට් ක්රීඩාවේ පසුබැසීමට තුඩුදුන් බව පෙන්වාදෙන දයාන් ජයතිලක කියාසිටින්නේ අණදෙන නිලධාරි මහින්ද රාජපක්ෂටය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ විට උප නායක දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් විය හැකි බවය. දයාන් ජයතිලක මීට පෙර කියා සිටියේ ජනාධිපතිවරණයට වඩා සුදුසු ගෝඨාභය රාජපක්ෂ යන්නයි.
මේ හදිසි ගියර මාරුවට හේතුව පැහැදිලි කරන දයාන් ජයතිලක කියා සිටින්නේ තමන් මීට පෙර දිනේෂ් ගුණවර්ධන ගැන කීවා නම් ඔහුට මෛත්රිපාල සිරිසේන හෝ හෙක්ටර් කොබ්බෑකඩුවට අත්වූ ඉරණමට මුහුණදීමට සිදුවීමට ඉඩ තිබුණු බවයි.
රාජපක්ෂ පවුලෙන් පිට නමක් යෝජනා කිරීමේ අනතුර දැන් පහව ගොස් ඇතැයි දයාන් ජයතිලක සිතන බවක් පෙනෙන්නට තිබේ. දැන් දිනේෂ් ගුණවර්ධන නියත තේරීම බවට පත්විය හැකි බව දයාන් ජයතිලක පෙන්වාදෙයි.
දිනේෂ් ගුණවර්ධන ඇතැම් විටෙක මෛත්රිපාල සිරිසේන සහ චන්ද්රිකා කුමාරතුංග බන්ඩාරනායක ගේ සහයෝගයත් ලබා ගැනීමට ඉඩ තිබෙන බව දයාන් ජයතිලක පෙන්වා දෙයි.
මේ වන විට සමස්ත පක්ෂයේම නොබෙදුණු සහයෝගයක් ලබාගත හැකි අපේක්ශකයා දිනේෂ් ගුණවර්ධන බව දයාන් ජයතිලක තර්ක කරයි.