දිමු දිවියෙන් සමු අරන්

dm-jayarathne

ශ්‍රී ලංකාවේ 14 වැනි අගමැතිවරයා ලෙස කටයුතු කළ දි මු ජයරත්න (දිසානායක මුදියන්සේලාගේ ජයරත්න) අඟහරුවාදා (නොවැම්බර් 19) සිය දිවියෙන් සමුගත්තේය. මහනුවර පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වන විට ඔහු 88 වැනි වියෙහි පසු විය. 1931 ජුනි 4 වෙනිදා උපත ලැබූ දි. මු. ජයරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වැනි සාමාජිකයා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකික දේශපාලන ඉතිහාසයේ ඉහළින් ඔසවා තැබීමට සුවිශේෂ කැපවීමකින් කටයුතු කළ දිමු, 1970 දී ප්‍රථම වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.

1977 මහ මැතිවරණයෙන් පරාජය ලැබූ ඔහු නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වුයේ 1994 දීය. ඒ පොදු පෙරමුණ නියෝජනය කරමිනි.

එම ආණ්ඩුව තුළ ප්‍රථම වරට ඔහු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කෙරිණි.

ඉන් පසු, විවිධ අමාත්‍ය තනතුරු ඔහු දැරීය.

1994 – ඉඩම්, කෘෂිකර්ම, වන සංරක්ෂණ සහ පශු සම්පත්

1997 – ඉඩම්, කෘෂිකර්ම, සහ වන සංරක්ෂණ

1997 – ඉඩම් සහ කෘෂිකර්ම

2000 – කෘෂිකර්ම

2001 – ඉඩම්, කෘෂිකර්ම, වන සංරක්ෂණ සහ අහාර හා සමුපකාර සංවර්ධන

2004 – තැපැල් සහ විදුලි සංදේශ

2005 – විදුලි සංදේශ සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධන

2006 – විදුලි සංදේශ සහ උඩරට සංවර්ධන

2007 – වැවිලි කර්මාන්ත

ඉන් පසු ඔහු, 2010 සිට 2015 දක්වා කාලය තුළ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළේය. බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ද එම කාලයේදී ඔහු ක්‍රියා කළේය.

දියණියන් දෙදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියා වූ දි මු ජයරත්න ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පෙරළිකාර චරිතයක් ලෙස සැලකේ.

ඔහු මිය යන තුරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු ලෙස කටයුතු කළ ඔහු මෙතෙක් ජීවතුන් අතර සිටි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා විණි.

දි.මු ජයරත්න මහතා අනුලා යාපා ජයරත්න මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ සහ දියණියන් දෙදෙනකුගේ පියා විය.

දි.මු ජයරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාමණ්ඩිය ද වේ.

ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය හා ආගමික මධ්‍යස්ථානය ද දි.මු ජයරත්න මහතාගේ නිර්මාණයකි. එම ස්ථානයන්හි පරිපාලනය සිදුවූයේ ද දි.මු ජයරත්න මහතා යටතේ පාලනය වූ අම්බුළුවාව පරිසර, සංවර්ධන හා සංරක්‍ෂණ භාරය මගිනි.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය අවසන් ගෞරව සඳහා ගම්පොළ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.