
අහස සිඹින කඳු වළල්ලකින් වට වූ අක්කර 75 කින් පමණ තුරුලියෙන් වැසුණු බිමක් අලුත්ම ජාතික විශ්වවිද්‍යාලය බවට පත්වීමට නියමිතයි. ඒ මිනින්දෝරුවන් දහස් ගණනක් දායාද කළ දියතලාවේ ජාතික මිනුම් හා සිතියම් පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනයයි.
ලබන මාර්තු මස 21 වැනිදා වනවිට දියතලාව ජාතික ඉඩම් කළමනාකරණ හා තාක්ෂණ විශ්ව විද්‍යාලය වශයෙන් එම ආයතනය උසස් කරන බව උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන මෙම ආයතනය මගින් මිනින්දෝරුකරණය පිළිබඳ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පිරිනමන අතර වෙනත් විෂයධාරා හදාරන සිසුන්ට ද ඇතුළත් විය හැකිවන සේ මෙම ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත්කරන බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.
තමාත් ඉඩම් සංවර්ධන රාජ්‍ය ඇමැති එස්.බී දිසානායක , උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක , මිනුම්පති එස්.එම්.පී.පී සංගක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසකුත් දියතලාවට ගොස් එම ස්ථානය පරික්ෂා කළ බවද ඔහු සඳහන් කළේය.
මෙවැනි ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීමේදී බෝඩ් ලෑල්ල පමණක් වෙනස් නොවන බවත් එහිදී විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව රණවන ප්‍රමිතීන්ට අනුකූලව මෙම වෙනස්කම් සිදු කරන බවයි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ.