
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත. වරෙන්තුව ලබාගෙන ඇත්තේ ගංගොඩවිල මහේස්ත්‍රාත් උසාවියෙන්.
මීට පෙර ඔහුගේ නිවස සෝදිසි කිරීමට ගිය අවස්ථාවේදී තමන්ගේ කමිසය ගලවා මාධ්‍යවේදීන්ට පපුව පෙන්වමිනි ඔහු කියා සිටියේ තමන්ටය. බයිපාස් සැත්කම් සිදු කොට නොමැති බවත් අධික සීනි හෝ කොලොස්ට්‍රෝල් නොමැති බවත්ය. තමන්ව අත්අඩංගුවට ගතහොත් නමුත් කෙලින්ම ඇතුලට යන බවයි රන්ජන් එදා මාධ්‍යවේදීන්ට පැවසුවේ.
ධම්මික හේමපාල විනිසුරුවරයාට සහ පද්මිණී රණවක හිටපු විනිසුරුවරියට නඩු සම්බන්ධයෙන් කතා කිරීම පිළිබඳවයි මේ අවස්ථාවේදී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන ඇත්තේ.
විනිසුරුවන් සම්බන්ධ ගණන් ඒ පිළිබඳව ද මාධ්‍ය අවධානය යොමු වී පවතී.