දුමින්ද සිල්වාට නිදහස දෙන්න – ඥානසාර හිමි

විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි අවධාරණය කොට සිටී.

“. සමහර වෙලාවට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහත්තයගෙ පැත්තෙන් වෙඩි උණ්ඩ එල්ල වුණා. වාසනාවකට මේ මිනිහා මැරුණෙ නෑ. දැන් ජීවත් වෙන එකා අල්ලලා හිරේ දානවා. මේ කොතනද මේ වරද වුණේ ? ඒ හරි වැරැද්ද හොයන්නෙ නැතුව දේශපාලන වුවමනාවන්ට … ඒක හරි ප්‍රශ්නයක්. ඒක ගැන විශේෂ විමර්ශනයක් කරලා ඒ සමහර නඩු තීන්දු, ඒවගේ සුනිල් රත්නායක වෙන්න පුළුවන්, දේශපාලන සිරකරුවන් හැටියට ඉන්න උදවිය වෙන්න පුළුවන්. අපි දැක්කනෙ ඒ මිනීමැරුම කියන කාරණේ පැත්තකට ගෙනිහින් ඒක දේශපාලන බල පොරයක් කරගත්ත හැටි. ඒවා හරි වැරදියි. ඒ කියන්නෙ දවසක් හරි මිනිහෙක් හිරේ තියනවා කියන එක හරි අමාරු වැඩක්”

ඔවුන්ගේ නඩු තීන්දු කඩිනමින් යළි සමාලෝචනය කළ යුතු බවයි එහිමි අවධාරණය කරන්නේ.

1 COMMENT

  1. Bail out Duminda Silva and jail Bharatha Lakshman premachandra.
    Likewise jail Sandya Eknaligoda and exonerate Rev.Gnanasara thero.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.