දූෂණයෙන් තොර ගමක් – කොටුවෙන් පිට හිතන අය හොයන්න

jvp*දූෂණයට තිත තැබීම යුගයේ අවශ්‍යතාවයි.

* පවතින පාලන රටාව තුළින්ම පිරිසක් බලයට ගෙන එනවා වෙනුවට පවතින ක්‍රමයට පිටින් සිතන, රට දියුණු කිරීමට විකල්ප ප්‍රතිපත්තියක් ඇති පිරිසක් බලයට ගෙන ආ යුතුය.

* අපේ ගෙවල් පැත්තේ පාරේ කැන්වසින් යන යූඑන්පී මිනිස්සු ගෙට ගොඩ වෙන්නේ නැතුවම, උඹලා ඉතින් ප්‍රතිපත්තිගරුක මිනිස්සුනේ කියලා අත වනාගෙන යන්න යනවා. ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ මිනිස්සු උනත් කියනවා ඔවුන් ප්‍රතිපත්තිගරුක මිනිස්සු කියලා. ඒත් ඒ මිනිස්සුන්ට ඡන්දය නොදෙන්නේ ඇයි. මිනිස්සු ජේවීපී එක අත් හදා බලල නෑනේ. දන්න යකා නොදන්න එකාට වඩා හොඳයි කියලා හිතනවා ඇති.

* පසු ගිය කාලේ බැසිල් රාජපක්ෂ තමයි මේ දූෂිත යාන්ත්‍රණය නඩත්තු කළේ. ගෝඨාභය රාජපක්ෂ තමයි රට, ජාතිය ඉස්සරහට දාගෙන මේ ක්‍රමය ආරක්ෂා කරගෙන ගියේ. විමල් වීරවංස, පාඨලී, ගම්මන්පිල වගේ අය තමයි මේ දූෂිත ක්‍රමයට මධ්‍යම පන්තියට ගැට ගැසූ සරණේරු ලෙස ක්‍රියා කළේ.

* සර්ව සම්පූර්ණ කිසිම දෙයක් නැහැ. ඉතින් අපි මේ දූෂණයට එරෙහි කතිකාවත පොදු ප්‍රවාහයක් බවට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙන්න ඕනි

පසුගිය 10 වනදා ගම්පහ මිරිස්වත්ත ග්‍රීන් ප්ලැනට් සමූපකාර ශ්‍රවණාගාරයේදී පැවති ‘දූෂණයෙන් තොර ගමක්’ ඇරඹුම කතිකාවේදී එහි පැමිණි දේශකයෝ කළ ප්‍රකාශ කීපයකි ඉහතින් දැක්වෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.