දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය රනිල්ට

M. A. Sumanthiranපළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ජාතික සමගි ආණ්ඩුවේ පැවැත්මට බාධාවක් නොවිය යුතුය යන්න සිය ස්ථාවරය බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එහිදී අගමැති පදවියේ වෙනසක් විය යුතු ද, නැද්ද යන්න සම්බන්ධයෙන් පක්ෂය කිසිදු ස්ථාවරයක් නොදරන බව ද දෙමළ ජාතික සන්ධානයේ (TNA)පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්ඒ සුමන්දිරන් පවසයි.

එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහාය දෙන්නේ දැයි කළ විමසීමට පිළිතුරු දුන් ඔහු: “ඒ වගේ ඉල්ලීමක් අපිට තාම කරලත් නෑ. අනිත් එක කාටවත් ආණ්ඩු පිහිටුවන්න අපි සහාය දෙන්නෙත් නෑ. ඒ කියන්නේ අපි කොටස්කරුවෙක් වශයෙන් රජයට එකතු වෙන්නේ නෑ,” යනුවෙන් පැවසීය.

“ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයන තෙක් අපි ආණ්ඩුවේ පාර්ශවකරුවන් වෙන්නේ නෑ කියන එක අපේ ස්ථාවරය.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීම පිණිස සහාය දෙන්නේ නම් දෙමළ ජාතික සන්ධානයට කැබිනට් අමාත්‍ය තනතුරු කිහිපයක් ප්‍රදානය කිරීමට යෝජනා කර ඇති බවට ද සමාජ මාධ්‍යවල අදහස් පළවෙමින් පවතී. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයා එවැනි සියලු වාර්තා ප්‍රතික්ෂේප කරයි.

“නෑ එහෙම යෝජනාවක් කරලා නෑ. කවුරුත් අපිට ඒ වගේ කතාකරලත් නෑ.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.