දෙමළ ජාතික සන්ධාන ආශීර්වාදය අලියට

sambandanදෙමළ ජාතික සන්ධානයට කිසිවිටකත් රජයේ පාර්ශව කරුවන්වීමට අවශ්‍යතාවයක් නැතත් වත්මන් රජයට සහය දක්වා උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා ගැනීම අනිවාර්යෙන්ම කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා 27 දා රාත්‍රී කිළිනොච්චියේදී පැවසීය. මේ අනුව පෙනීයන්නනේ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යය නම් තනි ආණ්ඩුවකට වුවත් ය හැකි බවයි.

මහින්ද රාජපක්ෂ

දෙමළ ජාතික සන්ධනය තම ප්‍රධන අභියෝගය සේ සලකන්නේ මහින්ද රාජපක්ෂයි. එක් පසෙකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිංහල ජනතාව අතර ජාතිවාදය වපුරවමින් ඔහුගේ බලය වැඩි කරගැනීමට කටයුතු කරද්දී දෙමළ ජාතික සන්ධානය කෙරෙහි විශාල සැකයක් හා බියක් දකුණේ ජනතාව තුල ගොඩනැගෙමින් පවතින බව සම්පන්තන් පවසයි.

මේ නිසා මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වුවහොත් දෙමළ ජනතාව විශාල රැවටීමකට යළිත් හසුවනවා මිස ඔවුන්ට මේ රටේ ජාතියක් ලෙස අයිතිවාසිකම් දිනාගෙන ජීවත්වීමට නොහැකි වන බවද සම්බන්ධන් පෙන්වා දෙන්නේ දෙමළ ජනතාවට ක්‍රියාකාරී ලෙස මැතිවරණ ක්‍රියාදාමයට එක්වෙන ලෙස ඉල්ලා සිටිමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.